Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2018

පුළුවන් නම් බහුතරය පෙන්නන්න අගමැති ජනපතිට කියයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) රාත්‍රියේදී යළිත් වරක් මුණගැසී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි බව තමාට පැවසූ බව එහිදී ජනපතිවරයා හෙළිකර තිබේ.

එසේම ඒ සඳහා තමා ඔවුනට ලබන සිකුරාදා (16) දක්වා කල් දුන් බවද සිරිසේන මහතා අගමැතිවරයාට පවසා ඇත.

ඉන් පසුව වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා දැනට ද අගමැති බවත්, හැකි නම් බහුතරය පෙන්වන ලෙස යැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top