Connect with us

පුවත්

Onmax DT අධ්‍යක්ෂලා 3කගේ කෝටි 8ක දේපල තහනම් කරයි

Published

on

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළ බව කියන ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට අයත් සුඛෝපභෝගී නිවාස සහිත රුපියල් ලක්ෂ 888 ක් වටිනා ඉඩම් 08 ක් වහාම තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26) පස්වරුවේ  ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.

මෙසේ තහනම් කරනු ලැබුවේ අතුල ඉන්දික සම්පත්, සාරංග ජයතිස්ස හා සෑම් බස්නායක ස ව්‍යාජ නමකින් පෙනී සිටින පුද්ගලයින් ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනාගේ මෙතෙක් හඳුනාගත් ද‌ේපලය.

කුරුණෑගල හා මහනුවර පිහිටි ‌ඔවුන්ගේ දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ සිදුකරනු ලබයි.

මීට පෙර මෙහි .තවත් අධයක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝග නිකුත් කළේය.

මේ දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ හයදහස් තුන්සියයක් (6300) ක් බවද අධිකරණයේදී අනාවරණය විය.

සබැඳි පුවත්
Onmax සඳරුවන් ඔහුගේ ඉඩම් 20ක් එකම දිනයේ බිරිඳට හා මිතුරාට ලියලා

Onmax DT බදු වාර්තා CIDයට 

Onmax DT හා MTFE පිරමීඩ ව්‍යාපෘති බව මහ බැංකුව යළි කියයි

Onmax DT වංචාව ගැන ජනපතිට රහස් ලිපියක්; ඇමති පුතෙකුටත් චෝදනා!

මහ බැංකුවේ හිරවුණ Onmax DT සල්ලිවලටත් ‌සොරි 

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු! 

පිරමීඩ ජාවාරම ව්‍යාප්ත කරන්න හවුල්වූ අයෙකුගේ BMW කාරයට ගිනිතියලා

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දේශබන්දුට එරෙහිව දූෂණ චෝදනා 27ක් (UPDATE)

Published

on

By

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ.

මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.

අදාළ දූෂණ චෝදනා 27 පහතින් දැක්වෙයි,

(පෙර පුවත 2025 මාර්තු 25 ප.ව.1.28)

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායක වෙත

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved