ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාධනීය ප්‍රතිචාර ලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය මස 23 වැනි දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
ඒ යටතේ එම නිලධාරීන් කරනු ලබන රාජකාරීවල දත්ත ලබා දීමෙන් වැලකීම සහ රැස්වීම් සඳහා සහභාගී නොවීම සිදු කළ අතර පසුව බෝවන රෝග මර්දන කටයුතුවලින් ද ඔවුන් ඉවත් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
(මූලාශ්‍රය : News 1st)