Connect with us

පුවත්

වනඅලි මරණ වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published

on

නීතිවිරෝධී ලෙස ඇත් දළ අත්පත් කරගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන්  දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි,  ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පාර්ශ්ව  හතක් ඊයේ (21) එම පෙත්සම ගොනු කළහ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 27 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නීතිවිරෝධී ලෙස ඇත් දළ අත්පත් කරගැනීමේ අරමුණින් සහ අලි-මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා වාර්ෂිකව සැලකිය යුතු අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

විවිධ පුද්ගලයින්ගේ නීතිවිරෝධී ක්‍රියා මෙන්ම රාජ්‍ය නිලධාරීන් රාජකාරිය ඉටු කිරීම පැහැර හැරීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.

පුවත්

නාඳුනන මළ සිරුරක් හමුවේ

Published

on

By

කයිට්ස් මඩත්තවේලි ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (14) සවස කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බවය.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැත.

මෙම පුද්ගලයා අවුරුදු 45ත් 50 අතර උස අඩි 05යි අඟල් 02 ක් පමණ වන අයෙක් බව පොලීසිය පවසයි.

සිරුර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Continue Reading

පුවත්

කොළඹ වරායට පැමිණි නිර්වින්දන ඖෂධ බෙදාහැරීමට සැලසුම්

Published

on

By

කොළඹ වරායට රැගෙන ආ නිර්වින්දන ඖෂධ තොගය අද (15) දිනයේ බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි විජේසූරිය මහතා පැවසුවේ, එතෙක් පෞද්ගලික ආයතන වලින් අදාළ ඖෂධ මිලදී ගෙන සැත්කම් සිදුකරන්නැයි රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන් බවය.

ජාතික රෝහලේ ශල්‍යාගාරවල නිර්වින්දන ඹෟෂධ හිඟයක් පවතින බවද වාර්තා වේ.

ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ හේතුවෙන් සැත්කම් අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

Continue Reading

පුවත්

ජනපතිට වසරක දිගුවක් !

Published

on

By

ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව “මවුබිම” පුවත්පත වාර්තා කර තිබේ.

මේවන විට මේ පිළිබඳව නීති ක්ෂේත්‍රයේ විශාදයින්ගේ මතය විමසීමට ජනපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති බවත්, ඔවුන්ගේ මතය වී ඇත්තේ ජනපතිවරයාගේ ධූර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දීර්ඝ කිරීමට අවස්ථාවක් ඇති බව යැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ජනපතිවරයාගේ වසර 6ක්ව පැවැති ධූර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩුකාලා සේම, පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් ධූර කාලය වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා සදහන් කරන බවද පැවසේ.

ඒ අවස්ථාවේ ජනමත විචාරණයක් නොපැවැත්වුණ බවද ඔහු කියා සිටී.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 83(ආ) ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ ධූර කාලය සය අවුරුද්දක් ඉක්මවා දීඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

යම් හෙයකින් ජනපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාඑණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවද පැවසේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved