Connect with us

පුවත්

STF සැරයන්ගේ ඝාතනයට හේතුව කතක් !

Published

on

දඹදෙණියේ උදියාවල පිහිටි නිවසකට කඩා වැදී පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු පෙරේදා (15) රාත්‍රී පුද්ගලයන් දෙදෙනකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇත්තේ කාන්තා ප්‍රශ්නයක් හේතුවෙන් බව වාර්තා වේ.

මෙම ඝතනය සිදුකර පලාගොස් සිටි කබරයා නැමැති අය සහ තවත් අයකු ඝාතනයට යොදාගත් මන්නා සහ උල් පිහියක් සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

ද්විත්ව ඝාතනයෙන් පසු කැලෑ පැන සැඟවී සිට නගරයට පැමිණ සිටියදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතා කියා සිටී.

මෙම සැකකරුවන් දෙදෙනා ද දඹදෙණියේ පදිංචිකරුවන්ය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයාගේ නිවස තුළ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබූ අතර මෙසේ ඝාතනය වී ඇත්තේ විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් මහේෂ් බණ්ඩාර (41) සහ කේ. කේ. පුෂ්පකුමාර (39) යන දෙදෙනාය.

පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයාගේ මිතුරා වෙළඳ සැලක් පවත්වාගෙන යන විවාහක කතක් සමඟ සමීප හිතවත්කමක් පවත්වාගෙන යන බවට තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එම කාන්තාවට සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් ද බැල්ම දමමින් සිට ඇති බව පොලිසිය කියයි.

මෙම ඝාතනයට මුල්වී ඇත්තේ එම කාන්තාව හා සැරයන්වරයා අතර ඇති හාදකම හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවැති කෝන්තරයක් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ස්ථිර රැකියාවක් නොමැති කුලී වැඩවල නිරතව ජීවත් වන අය බව ගිරිඋල්ල පොලිසිය සඳහන් කළේය.

සබැඳි පුවත්
එස්.ටී.එෆ්. සෙබලා හා අනෙක් අයගේ ඝාතනය කබරයාගේ වැඩක්

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved