Connect with us

ඡායාරූප සටහන

“අමර් චිත්‍ර කතා”  පොත් එළිදැක්වීම හා  ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය අද කැළණිය රජමහා විහාරයේදී..

Published

on

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ මහා විහාරයේදී එළි දක්වන ලදී.

ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් ධර්මය හදාරන සිසුන් ආකර්ෂණීය මාධ්‍යයක් හරහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වෙත සමීප කරයි.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූමෙම උත්සවයේදී ජාතක කතා පොත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

පොත් එළි දැක්වීමට අමතරව, මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය ද කැලණි විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. නව දිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සහ බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන සම්භාවනීය සිතුවම් එකතුවක් ඇතුළත් වේ.

ඡායාරූප සටහන

කොළඹට පැමිණි ඉන්දීය යුද නෞකාව

Published

on

By

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එම නෞකාව ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16කි.

නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Nitin Sharma කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි  කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Continue Reading

ඡායාරූප සටහන

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමක් සහතික කෙරේ 

Published

on

By

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) රැස් වූහ.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිගයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර  පිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිගු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද සාකච්ඡා විය.

බඩඉරිගු ආනයනයේදී නව ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළ කෘෂිකර්ම,  පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යය කේඩී ලාල්කාන්ත මහතා එය ක්‍රියාත්මක වන තුරු පැරණි ක්‍රමවේදය පවත්වාගෙන යාමට උපදෙස් ලබා  දුන්නේය.

විවිධත්වයෙන් යුතුව ආහාර තෝරා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීම සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර සැපයුමක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි.

අග්‍රාමාත්‍ය ලේකම්  ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රජයේ නිලධාරීන්ට වැඩමුළුවක්

Published

on

By

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේදී අද (27) පැවැත්විණ.

මෙරට දේශපාලන ක්‍රමය මෙන්ම සහ රාජ්‍ය සේවයද වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළ බවත් ඒ අනුව දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් ‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ යන මැයෙන් මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේය.

ජනතා අභිලාෂ ඉටු කිරීම ජනතා රජයේ වගකීම බැවින් ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව මෙම වැඩමුළුවෙන් අවධාරණය කෙරෙන බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව සුපිළිපන්න රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩමුළුව සඳහා මහජනතාව සමඟ සෘජුවම කටයුතු කරන ආයතන වීමේ පදනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, පළාත් ලේකම් කාර්යාල 09, අමාත්‍යාංශ 24 ක් හා දෙපාර්තමේන්තු 43ක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ යන මහත්ම මහත්මීන්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහුද මෙම වැඩමුළුවට සහභාගී වූහ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved