Connect with us

ඡායාරූප සටහන

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට (ඡායා)

Published

on

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබුණි.   

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4කින් යුක්ත වේ.

එහි අණදෙන නිලධාරී Commander Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද එම විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.  
‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට නියමිතව ඇති අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.

සිය නිල සංචාරය නිමා කරමින් මෙම සබ්මැරීනය අගෝස්තු 04දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඡායාරූප සටහන

කුම්භමේලා වෙනුවෙන් සැරසෙන ඉන්දියාව

Published

on

By

ඉන්දියාවේ පැවැත්වෙන ලොව විශාලතම සංස්කෘතික මංගල්‍ය වශයෙන් සැලකෙන කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය මේ වන විට සුදානම් වන බව වාර්තා වේ.

අදින්  (13) ආරම්භ වන මෙම උත්සවය දින 45ක් පුරා පැවැත්වේ.

අභ්‍යවකාශයේ සිට දැකගත හැකි තරම් විශාල වූ මෙම දර්ශනය නැරඹීමට මෙවර මිලියන 400 ක පමණ වන්දනාකරුවන් පිරිසක් සහභාගී වනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරයි.

පෙබරවාරි 26 වන දින අවසන් වන මෙම උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානය වන යුනෙස්කෝ විසින් මානව වර්ගයාගේ උරුමයක් ලෙස පිළිගෙන ඇත. එහි මූලාරම්භය මුල් බැස ඇත්තේ සාගර කැළඹීමේදී මතු වූ අමෘත කුම්භයක් (කුඹයක්) අරභයා දෙවිවරුන් සහ යක්ෂයන් අතර ඇති වූ සටනක් පිළිබඳ පුරාවෘත්තයකිනි. ඔවුන්ට අමරණීයභාවය පොරොන්දු වූ අමෘත බඳුන සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සටන් කරන විට, ප්‍රයාග්‍රාජ්, හරිද්වාර්, උජ්ජයින් සහ නාසික් යන නගර හතරක බිංදු කිහිපයක් ගලා ගිය බව කියවේ.

එළඹෙන සති හයක කාලය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන මෙම උත්සවය දිය නෑ මෙන් ආරම්භ වන අතර මුල්ම සඳුදා දිනයේ බැතිමතුන් මිලියන පහක් හෝ අටක් දිය නෑමට අපේක්ෂා කරන අතර පසුදින මිලියන 20 ඉක්මවනු ඇතැයි අපේක්ෂාකෙරේ.

ස්නානය කරන දිනයන් සහ නැකැත් වේලාවන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් විසින් තීරණය කරනු ලබන අතර හින්දු භක්තිකයන්ට අනුව, පූජනීය ගංගාවේ ස්නානය කිරීමෙන් ඔවුන් පව් ඉවත් කර, ඔවුන්ගේ ආත්මය පිරිසිදු කර, උපත සහ මරණය යන චක්‍රයෙන් ඔවුන් නිදහස් කරන බවයි.

මේ වන විටත් කුම්භාමෙලා නැරඹීමට ලොවපුරා බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ.

වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට නවාතැන් ගැනීම කිලෝමීටර් 650ක් තාවකාලික මාර්ග දමා හෙක්ටයාර 4,000ක් තුළ කූඩාරම් 160,000 ක් ඉදිකර ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ෂාව පතා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් 40,000ක්, සනීපාරක්ෂක සේවකයින් 15,000 ක්, මිලියන භාගයකට අධික වාහන සඳහා වාහන නැවැත්වීමේ ස්ථාන 99ක් මෙන්ම ගඟ හරහා පාවෙන පොන්ටූන් පාලම් 30 ක්, වීදි ලාම්පු 67,000ක් , 150,000 වැසිකිළි; බඳුන් 25,000 ක්, ජල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 200 ක් සහ නල ළිං 85 ක් ඉදිකර ඇති අතර උත්සවය සංවිධානය කිරීම සඳහා රුපියල් බිලියන 70 ක් (ඩොලර් මිලියන 812; පවුම් මිලියන 665 ක්) වැය කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

Continue Reading

ඡායාරූප සටහන

“Gem Sri Lanka – 2025”  ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Published

on

By

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08)  පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙවර “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර,   මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, චීන කොටුව මැණික්  හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති (CGJTA) මර්ජාන් ෆලීල් යන මහත්වරු, තානාපතිවරු ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

අපේක්ෂා රෝහලේ දරුවන්ට ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා, විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත්කලේය.

එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවීත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවීමට අවස්ථාව සලසන්නේ, ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කිරීමෙනි.

මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved