Connect with us

ඡායාරූප සටහන

කතරගම දේවාලයෙන් හැදුව අප‍ේක්ෂා රෝහලේ වාට්ටුව (ඡායා)‍

Published

on

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.

රුහුණු මහා කතරගම දේවාලයේ බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ. 

ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සඳහා ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන ද සහිත වේ.

මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය. 

පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලඥ්ඥයකු සහභාගි කර නොගැනීම විශේෂිතය.

අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු ලැබූ අතර මෙම වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර ඇත.

(ඡායාරූප : රුහුණු මහා කතරගම දේවාලයේ ෆේස්බුක් පිටුව)

ඡායාරූප සටහන

ඓතිහාසික ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණය කරන්න ඇමරිකාවේ සහාය (ඡායා)

Published

on

By

අද (17) දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් වී තිබෙන පොළොන්නරුව පුරාණ නගරය තුළ පිහිටා තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන ඉපැරණි ථූපාරාම පිළිම ගෙය ආරක්ෂා කිරීම සඳහා නව සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදල වෙතින් ලබාදුන් ඩොලර් 109,000 ක (රුපියල් මිලියන 32 ඉක්මවන මුදලක්) මේ සඳහා යොදවා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි විය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති  ‘Invest in Sri Lanka’ ආයෝජන සැසියට එක් වෙයි (ඡායා)

Published

on

By

චීන ජනාධිපති ෂී ජින්පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ  එක් විය.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්  (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (  China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම සීමාසහිත  (China Energy International Group Company Ltd),  ග්වංජෝ පොදු ප්‍රවාහන සමූහය ( The Guangzhou Public Transport Group), හුවාවේ (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Continue Reading

Videos

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved