Connect with us

ඡායාරූප සටහන

චීනයෙන් මෙරට සිසු සිසුවියන් 12,000කට පාසැල් උපකරණ හා නිල ඇඳුම් රෙදි (ඡායා)

Published

on

චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රදානය කරන ලද ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසැල් උපකරණ සහිත පාසල් බෑග් මෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි මීටර් 43,000ක් මෙරට සිසු සිසුවියන් 12,000ක් අතර බෙදාහැරීමේ උත්සවයක් අද (25) පැවැත්වුණි.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති “සීතාවක – සිසු ඇරුණලු”  නම් මෙම වැඩසටහනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති – චී ජන්හොං මහතා, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති  ජගත් සූරසේන යන මහත්වරු සහ ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් උපකරණ පිළිගැන්විම ජනාධිපතිවරයා අතින් සිදු විය. 

සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක්

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවත් සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට තමන් අදහස් කරන බවත්යි.

“පසුගිය වසරේ රට මුහුණ දී තිබූ ආර්ථික අභියෝගය නිසා  අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.  නමුත් ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර තිබෙනවා. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳව කතා කිරීමේ දී පාසල් අධ්‍යාපන ක්‍රමයත්, ටියුෂන් අධ්‍යාපන ක්‍රමයත් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රජය වියදම් කරන මුදල වගේම මුදලක්  දෙමාපියන්ට ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් වෙනවා.  මේ පිළිබඳ සොයා බලා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී අධ්‍යාපනඥයින්ගේ සහ සිසුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කරනවා,” යැයිද ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“අධ්‍යාපනය, රටේ හොඳම ආයෝජනයයි”

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අගමැති – දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ අධ්‍යාපනය යනු රටේ හොඳම ආයෝජනය බවයි. 

“ඒ සදහා ආණ්ඩුව සෑමවිටම කැපවී කටයුතු කරනවා. අද මේ සිදු කරන්නෙ චීන රජය ලබා දී තිබෙන පාසල් උපකරණ කට්ටල බෙදාදීමයි. ඒ සඳහා ජනාධිපතිවරයා පැමිණීම අගය කොට සලකනවා,” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

දිළිඳුබවේ හා සංවර්ධනය නොවීමේ උගුල් වලින් මිදෙන්න චීන සහය

එහිදී අදහස් දැක්වූ කොළඹ චීන තානාපති – චී ජන්හොං මහතා ප්‍රකාශ කළේ, “තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට, “දිළිඳුබවේ උගුලෙන්” සහ “සංවර්ධනය නොවීමේ උගුලෙන්” මිදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය සුරක්ෂිත කිරීමට චීනය දැඩිව සහය දෙන බවයි.

“ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට තාවකාලික දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වය යටතේ එම සියලු අභියෝග ජයගෙන රටේ ජනතාවට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා,” යැයිද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප සටහන

“අමර් චිත්‍ර කතා”  පොත් එළිදැක්වීම හා  ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය අද කැළණිය රජමහා විහාරයේදී..

Published

on

By

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ මහා විහාරයේදී එළි දක්වන ලදී.

ඉන්දියාවේ විශාලතම චිත්‍ර කතා පොත් ප්‍රකාශන ආයතනය වන අමර් චිත්‍ර කතා ආයතනය විසින් සිංහලට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතක පොත් ධර්මය හදාරන සිසුන් ආකර්ෂණීය මාධ්‍යයක් හරහා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වෙත සමීප කරයි.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූමෙම උත්සවයේදී ජාතක කතා පොත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

පොත් එළි දැක්වීමට අමතරව, මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ප්‍රදර්ශනය ද කැලණි විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. නව දිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සහ බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන සම්භාවනීය සිතුවම් එකතුවක් ඇතුළත් වේ.

Continue Reading

ඡායාරූප සටහන

උතුරු පළාත් වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණුවට ජපන් සහය

Published

on

By

උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදීමට එකඟත්වය පලකර තිබේ.

ඊයේ (11)  දිනයේදී ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය පළමු උතුරු පළාත් සංචාරයේදී මානුෂීය සංවර්ධන සංවිධානය [Humanitarian Development Organization (HDO)] සහ නෆීල්ඩ් බිහිරි සහ අන්ධ පාසල් යන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක් අත්සන් කළේය.

ගිවිසුම් සඳහා අත්සන් තැබීම උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා ඉදිරියේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.

උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති සඳහා ජපන් රජය ඩොලර් 173,659 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 50) වෙන් කර ඇත.

විශේෂයෙන්ම අවදානම් අවම කිරීම ප්‍රවර්ධනය කිරීමේදී, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සංවර්ධනයට සහායවීම ශ්‍රී ලංකාවට ලබාදෙන ජපානයේ නිල සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවයක් ලෙස පවතී.

Continue Reading

ඡායාරූප සටහන

ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව ලංකාවට (ඡායා)

Published

on

By

ඉකුත් පෙබරවාරි 05 වැනිදා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව ඊයේ (07) දිවයිනෙන් පිටත්ව විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදාව විසින් එම නෞකාවට සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි. 

ඒ අනුව, නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් පසුව, මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්විය. 

මේ නෞකාව දිවයිනේ රැදීසිටි කාලසීමාව තුල එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් Alberto Bartolomeo සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එහි නැව්මුළුව කොළඹ සහ ගාල්ල ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද එක්ව තිබේ.

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකාවන් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන මෙවැනි සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම කුසලතා සහ අත්දැකීම් තුළින්, ඉදිරියේදී සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved