Connect with us

ඡායාරූප සටහන

චීන ආධාර යටතේ උපරිමාධිකරණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ (ඡායා)

Published

on

චීන රජයේ මුල්‍යමය හා තාක්ෂණික ආධාර යටතේ යුවාන් මිලියන 240 ක වියදමකින් යුතුව කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උපරිමාධිකරණ සංකීරණ පරිශ්‍රයේදී අද පෙරවරුවේ (31) සිදු විණි.

ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් මීට වසර 30කට පෙර එනම් 1988 වසරේදී පෙර චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී තිබේ.

අදියර දෙකක් යටතේ මාස 32 ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.

2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරන ලදී.

ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ගරු අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ චීන තානාපති කාර්යාලයේ හා උපරිමාධිකරණ සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායා : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

ඡායාරූප සටහන

K8 ප්‍රහාරක යානයක් වාරියපොලට කඩා වැටෙයි!(ඡායා)

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ.

කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.

එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

(ඡායා : Accident 1st)

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading

ඡායාරූප සටහන

කච්චතිව් දේව මංගල්‍යය සාර්ථකව අවසන්  (ඡායා)

Published

on

By

ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්‌ෂික දේව මංගල්‍යය පසුගිය දෙදින තුළ (14 හා 15 ) කච්චතිව් දූපතේදී සාර්ථකව පැවැත්වුණි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේවමංගල්‍ය  ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කර තිබුණි

ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම දේව මංගල්‍ය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා,නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved