Connect with us

ඡායාරූප සටහන

ජනපති රනිල් හා බංග්ලාදේශ අගමැතිනිය හමුවෙයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා (08) දිනයේ මෙරටින් පිටත්ව ගියේය.

එම සංචාරයේ අතරතුර දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරදී පැවැත්විණි.

ඡායාරූප සටහන

සිසුසිසුවියන් 100කට චීන තානාපති ශිෂ්‍යත්ව ; 2025ට නිල ඇඳුම් රෙදිත් චීනයෙන් (ඡායා)

Published

on

By

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට  තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා විද්‍යාලයේ සිසුන් සිය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්  නොවැම්බර් 01 දා සිදුකෙරුණු අතර, මේ සඳහා තානාපති කාර්යාලය විසින් රු. මිලියන 2.5ක් ප්‍රදානය කර තිබුණි.

මෙම උත්සවය අමතමින් චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ 2016 වසරේදී ආරම්භ වූ චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට ලංකාව පුරා පාසල් 20කට වැඩි ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන බවයි.

2023 හා 2024 යන වසර වලදී ලාංකික සිසුන් සඳහා අවශ්‍ය වූ පාසල් නිල ඇඳුම් රෙදි වලින් පිළිවෙළින් 70%ක් හා 80%ක් චීනය විසින් පරිත්‍යාග කළ බව සඳහන් කළ තානාපතිවරයා, 2025 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවද පැවසීය.

රු. බිලියන 5.2ක වටිනා මීටර් මිලියන 12කට ආසන්න මෙම රෙදි තොගය, මේ වසර අවසන් වීමට පෙර අදියර තුනක් යටතේ කොළඹට ගෙන්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

මීට අමතරව, චීන මධ්‍යම රජය, පළාත් රජයන් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිසුන් දහස් ගණනකගේ ඉගෙනීමට අවශ්‍ය පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුළු වෙනත් දෑ පරිත්‍යාග කර ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙරට පුරා පාසල් 500ක ස්මාර්ට් පන්ති කාමර 900 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් තානාපතිවරයා පැවසීය.

මෙම පියවර වලින් ලංකාවේ සිසුසිසුවියන් මිලියනයකට අධික පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයිද චී මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට නව ජනාධිපතිවරයාගේ ප්‍රබල නායකත්වය යටතේ නව යුගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට, චීනය යනු සැබෑ මිතුරෙකු පමණක් නොව විශ්වාසනීය හවුල්කරුවෙකු ද වන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවයට තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ඌව පළාත් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විද්‍යාලයේ සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ ආදි සිසුන්ද එක්විය.

Continue Reading

ඡායාරූප සටහන

නව වසරේදී චීනය, ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණයෙන් සලකා බලනවා (ඡායා)

Published

on

By

2024 වසරේ චීනයේ චයිනා ඒඩ් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (30) චීන තානාපති කාර්යාලය විසින් පවත්වා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ වසර කිහිපයක කාලයක් තුළ විවිධ ක්ෂේත්‍ර වල සිටින ලාංකිකයකින් 13,000කට චීනයේ පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබී ඇති බවයි.

“නව වසරේදී, චීන රජය විසින් නව ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණයෙන් සලකා බලන අතරම, පුහුණු වැඩසටහන් වල යෝග්‍යතාවය සහ ඵලදායිතාවය වැඩි දියුණු කරමින් චීනයේ සංචාරය කිරීමට සහ අධ්‍යයනය කිරීමට වැඩි පිරිසකට ආරාධනා කර සිටින බව,” තානාපතිවරයා මෙහිදී පැවසීය.

භාණ්ඩාගාර ලේකම් – මහින්ද සිරිවර්ධන මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වී තිබුණි. 

පුහුණු අවස්ථා ලංකාවට ලබාදීමට අමතරව ආර්ථික අභියෝග හමුවේ ලංකාවට සහය දැක්වීම, මෙරට සංවර්ධනයට ඉවහල් වීම හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට දායක වීම  යන කාරණා සම්බන්ධයෙන්ද සිරිවර්ධන මහතා චීනයට සිය ස්තූතිය පුද කළේය.

 මෙම උත්සවයේදී වුෂු සංදර්ශන හා විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක් ද පැවැත්වුණි.

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දීය රජය පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කරයි

Published

on

By

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ‘සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි’ යන මැයෙන් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවක් 2024 ඔක්තෝබර් 23 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා මේ සඳහා සහභාගී වූ අතර බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් මෙම විද්වත් සාකච්ඡාව සංවිධානය කර තිබිණ.

ගංගාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් සමාරම්භක දේශනය සිදු කළ අතර ඉන් අනතුරුව විද්වත් සාකච්ඡාව පැවැත්විණ. මෙම විද්වත් සාකච්ඡාව සදහා බුද්ධ ගයාවේ දකුණු  බිහාරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද් සිං මහතා (එතුමා වීඩියෝ ඉදිරිපත්කිරීමක් ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය), පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍යමිරිස්වත්තේ විමලඥාන හිමිපාණන්, ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යගෝනදෙණියේ පඤ්ඤාරතන හිමිපාණන්, කැළණි විශ්ව විද්‍යාලයේ
පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක හිමිපාණන් සහ කොළඹ විශ්ව විද්‍යාල‌යේ බෞද්ධ
අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්යපූජ්‍ය එම්. සුගතසිරි හිමිපාණන් සහභාගී වූහ.

විද්වත්හු මෙම සාකච්ඡාව අතරතුරදී විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලෝකයට දායද කිරීමෙහිලා පාලි භාෂාවේ වැදගත්කම අවධාරණය කළහ. ශ්‍රී ලාංකික විද්වත්හු පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමේ ඉන්දීය රජයේ සුවිශේෂි තීරණය අගය කළ අතර එය බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීමේ පිළිඹිබුවක් බව සඳහන් කළහ. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක්
ලෙස නම් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංඝ සහ විද්වත් ප්‍රජාවන් විසින් තවදුරටත් පාලි භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමටඅවස්ථාවන් විවර කරනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. 

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ නේපාලය වන රටවල් වලින් භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. 2024 ඔක්තෝබර් 17 වන දින පැවති ජාත්‍යන්තර  අභිධර්ම දින උත්සවයේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය ශක්තිමත් කරමින්, මෙම සාකච්ඡා පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම්  කිරීම සාමය, සහානුකම්පාව සහ මනුෂ්‍ය වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසාබුදුන් වහන්සේගේ පණිවිඩය එහිනිර්මලත්වය රැකගනිමින්  පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යාම සඳහා මහෝපකාරී වනු ඇති බව විද්වත් සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved