Connect with us

ඡායාරූප සටහන

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණ දෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න

Published

on

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීය.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා  බලධාරීන්ට දැනුම් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ  මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ  සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දැනට  මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙහිදී අවධානය යොමු විය.
විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින්  එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය, මහජන  ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  රවී සෙනෙවිරත්න ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ඡායාරූප සටහන

මහනුවර ඓතිහාසික උඩරට රජ මාළිගාව යළි විවෘත වේ

Published

on

By

මහනුවර, ශ්‍රී ලංකාව: 2024, දෙසැම්බර් 11 – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ශ්‍රී දළදා මාලිගා සංකීර්ණය තුළ පිහිටි, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය යළි විවෘත කිරීමේ උත්සවය  පසුගිය 11දා  සැමරුණි.

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) වෙතින් ලද ඇමරිකානු ඩොලර් 265,000 (රුපියල් මිලියන 77 කට අධික) ප්‍රදානයක් හරහා මෙම වැදගත් සංස්කෘතික සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවිය.

2021 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කරන ලදී. පළමු අදියරේදී රජ මාලිගයේ ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීම සහ ආබාධ සහිත අමුත්තන් සඳහා ප්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. දෙවන අදියර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ පහසුකම් වැඩිදියුණු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් නරඹන්නන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ අධ්‍යාපනික අත්දැකීමක් ලැබෙන පරිදි නිර්මාණය කරන ලදී .

උත්සවයේ දී, චංග් තානාපතිතුමිය සංස්කෘතික සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින්, “පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින  ප්‍රබල හවුල්කාරිත්වය පිළිබඳ සාක්ෂියක් වනවා. මෙවැනි මුලපිරීම් හරහා අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කරනවා පමණක් නොව එහි ඉතිහාසය සහ සම්ප්‍රදායන් ලොවට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරමු. මෙම කෞතුකාගාරය  සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට සහාය වන අතරම,ශ්‍රී ලාංකිකයින්ට සහ ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන  අමුත්තන්ට රටේ ගැඹුරු ඉතිහාසය ගවේෂණය කිරීමට, ඒ පිලිබඳ අවබෝධය ලබන්නට සහ එහි අගය වර්ධනය කරන්නට හැකි  පිවිසුම් දොරටුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ උරුමය සමරන සහ එහි ආර්ථික හා සංස්කෘතික ප්‍රබෝධයට දායක වන ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.”

“සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල හරහා එක්සත් ජනපදයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය උඩරට රජුගේ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය මහජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි සහ ආකර්ශනීය අයුරින් සකස් කර තිබේ ” යැයි අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි පැවසීය. “ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීමෙන් සහ කෞතුකාගාරයේ ප්‍රදර්ශන තත්වයන් ඉහළ  නංවාලීමෙන්, ආබාධ සහිත අය ඇතුළුව අමුත්තන්ට ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සමඟ අර්ථවත් ආකාරයෙන් සම්බන්ධ විය හැකි බව අපි සහතික කර ඇත්තෙමු. මෙම සහයෝගීතාවය අපගේ ඉතිහාසය ආරක්ෂා කරනවා පමණක් නොව අධ්‍යාපනයට සහ ඇගයීමට අවකාශයක් නිර්මාණය කරමින් අපගේ සංස්කෘතික අනන්‍යතාවය ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝකයට ප්‍රදර්ශනය කරයි.”

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි හැට්න්බාක් මහත්මිය,සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල (AFCP), ගෝලීය වශයෙන් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන වැදගත් මෙවලමක් ලෙස අවධාරණය කලාය. “සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල (AFCP) හරහා උඩරට රජුගේ මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකදියුණුව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමට ඇති අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියකි. දේශීය හා ගෝලීය වශයෙන් පැමිණෙන අමුත්තන්ට, මහනුවර රාජධානියේ පොහොසත් ඉතිහාසය සහ උරුමය පිළිබඳ වඩාත් ගැඹුරු සහ අර්ථවත් අත්දැකීමක් ලබා දෙමින් මෙම භුමිය සංරක්ෂණ කටයුතු මගින් වැඩිදියුණු කර ඇත.”

Continue Reading

ඡායාරූප සටහන

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ  වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Published

on

By

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් මලර්මතී ගංගාධරන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ සමඟ සාකච්ඡා

Published

on

By

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයන්හි  වැය ශීර්ෂයන්ට අදාළ සාකච්ඡාවන් අද (10) ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මේ අනුව එහි එක් පියවරක් ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්වූ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්  ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved