Connect with us

ඡායාරූප සටහන

තේ රසත් එක්ක චීන – ලංකා මිතුදම තවත් වැඩි වේවි – චීන තානාපති (ඡායා)

Published

on

චීන සංස්කෘතික උත්සවයක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණි.

‘Tea for Harmony – Yaji Cultural Salon 2024’ ලෙස නම් කර තිබුණු මෙම උත්සවයට දකුණුදිග චීනයේ ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික අංග ඇතුළත් විය.

දෙරටේම නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ මෙම උත්සවයට මෙරට පාර්ලිමේන්තු කතානයක – මහින්ද යාපා අබේවර්ධන මහතා, මෙරට චීන තානාපති – චී ජන්හෙං මහතා, තානාපති බිරිඳ වන ජින් චියැන් මහත්මිය, ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු වන ලයි ෆූචියැං මහතා, තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

ජාත්‍යන්තර තේ දිනයේ පැවති මෙම උත්සව අවස්ථාවේදී, චීන තේ කලාව අත්විඳීමටත් අවස්ථාව ලබාදී තිබුණි.

මෙම උත්සවය අමතමින් චීන තානාපතිවරයා පවසා සිටියේ තේ වගා කිරීම, නිෂ්පාදනය හා රසවිඳීම සම්බන්ධයෙන් චීනයට හා ශ්‍රී ලංකාවටද දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් දෙරටෙහි ජනතා ගේ ජීවන රටාවල පොදු සිද්ධාන්තයක් බවට පත් වී ඇති තේ පානය,   ඔවුන්ව එකිනෙකාට වඩාත් සමීප කරන වැදගත් පුරුකක් බවට පත්ව ඇති බවත්ය.

ඉදිරියටත්, දෙරට අතර සංස්කෘතික හුවමාරුවන් හා මිත්‍රත්වයන් තවදුරටත් ප්‍රවර්ධනයට හා ශක්තිමත් කිරීමටද තේ ඉවහල් වනු ඇතැයි තමාගේ විශ්වාසය බවත් චී මහතා වැඩිදුරටත් පැවසීය. 

(ඡායා : ශානිකා ජයසේකර)

ඡායාරූප සටහන

දුම්රිය ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ(ඡායා)

Published

on

By

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) හදිසියේ කඩාවැටී තිබේ.

කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත.

මේ හේතුවෙන් මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව අවහිර වී පැවතිති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවිය.

(ඡායා : Accident 1st)

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට (ඡායා)

Published

on

By

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත්විය.

ඒ,  ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී විය.‍

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය තේරී පත් විය.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාව හා චීනය, තම අසීරු අවස්ථාවලදී ඉතා මිත්‍රශීලීව අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම පිළිබදව ද සිහිපත් කළ ඒ මහතා චීන -ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මුඩුල්ලට සිය ශුභාසිංසන පළ කළේය.

සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, දීර්ඝ කාලයක් තිස්සේ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ මිත්‍රශීලි සහයෝගය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා වෙළද කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල චීනය සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ සභාපතිවරයා ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය. එමෙන්ම මෙහිදී පසුගිය චීන -ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කල වැඩසටහන් හා වැඩමුළු මෙම පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන මෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම අවස්ථව සඳහා විපක්ෂ නායකතුමන්, අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

K8 ප්‍රහාරක යානයක් වාරියපොලට කඩා වැටෙයි!(ඡායා)

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ.

කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.

එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

(ඡායා : Accident 1st)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved