Connect with us

ඡායාරූප සටහන

නෙදර්ලන්තයෙන් යළි භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට (ඡායා)

Published

on

ලන්දේසි  යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.

පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.

මෙම කෞතුක භාණ්ඩ  දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබාහ් (Bonnie Horbach), ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සජානි කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ක්‍රීඩා

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Published

on

By

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ  සත්කාරකත්වය ශ්‍රී ලංකාව හිමිව තිබේ.

12 වැනි වරට පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය, ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ (WICF) අධීක්ෂණය යටතේ පැවැත්වෙනු ඇත.

මෙවර තරගාවලිය සංවිධානය කිරීම සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය වෙත (CICA) පවරා ඇති අතර, තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 05 වැනි දා දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පිරිමි විවෘත, කාන්තා විවෘත, 22න් පහළ පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වේ.

මෙවර තරගාවලියට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතය.

1995 වසරේ දී ආරම්භය ලද මෙම තරගාවලිය මීට වසර 21කට පෙර ද ශ්‍රී ලංකාවේ පවත්වා ඇති අතර, මෙතෙක් පැවැත්වූ සෑම තරගාවලියක් ම ජයග්‍රාහකයන් වූයේ  ඕස්ට්‍රේලියාව යි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් වරක් තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගැනීමට සමත්විය.

Continue Reading

ඡායාරූප සටහන

දුම්රිය ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ(ඡායා)

Published

on

By

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) හදිසියේ කඩාවැටී තිබේ.

කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත.

මේ හේතුවෙන් මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව අවහිර වී පැවතිති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවිය.

(ඡායා : Accident 1st)

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට (ඡායා)

Published

on

By

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත්විය.

ඒ,  ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී විය.‍

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය තේරී පත් විය.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාව හා චීනය, තම අසීරු අවස්ථාවලදී ඉතා මිත්‍රශීලීව අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම පිළිබදව ද සිහිපත් කළ ඒ මහතා චීන -ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මුඩුල්ලට සිය ශුභාසිංසන පළ කළේය.

සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, දීර්ඝ කාලයක් තිස්සේ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ මිත්‍රශීලි සහයෝගය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා වෙළද කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල චීනය සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ සභාපතිවරයා ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය. එමෙන්ම මෙහිදී පසුගිය චීන -ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කල වැඩසටහන් හා වැඩමුළු මෙම පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන මෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම අවස්ථව සඳහා විපක්ෂ නායකතුමන්, අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved