Connect with us

ඡායාරූප සටහන

බාල දක්ෂිකාවන් 2000කට ජනාධිපති පදක්කම් පිරිනැමේ

Published

on

බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන රජය දැනටමත් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවති උත්සවයට එක් වෙමිනි.

75,000ක් වූ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බාල දක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි  ශාන්ති විල්සන් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම සංවිධනයේ ක්‍රියාකාරිව කටයුතු කළා. බාලදක්ෂ ව්‍යාපරය අප තවදුරටත් දියුණු කළ යුතුයි. බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි.මම මේ රට භාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.

මේ වන විට අධ්‍යාපනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඉදිරි අවුරුදු කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් අප වෙන් කිරීමට සැලසුම්සහගතව අප කටයුතු කරමින් සිටිනවා.

අධ්‍යාපන අංශය පොත පතට සීමා කරන්න බැහැ. දරුවන්ට ඉදිරියට යාමට නව අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අප ඉදිරියේ දී මුදල් වැය කරනවා. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 75,000ක් වන මෙහි සමාජිකත්වය ඉදිරියේදී 150,000ක් බවට පත් කර ගත යුතුයි. ඊට අවශ්‍ය සහාය ලබාදිමට රජය බලාපොරොත්තු වෙනවා.

මෙවන් සංවිධානය හරහා අපට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි. මත්ද්‍රව්‍ය මර්ධන කමිටුව සමග සාකච්ඡා කළ විට ඔවුන් සඳහන් කළේ පාසල්වල වැඩි වශයෙන් බාලදක්ෂ සංවිධාන සහ ශිෂ්‍ය භට බලකායන් ඇති කළ යුතුයි කියලා. මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළට එමඟින් විශාල දායකත්වයක් ලබා ගත හැකියි.

ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් බාලදක්ෂ කඳවුරු ඇති කිරිමට යම් කිසි කාලයකට රජයේ ගොඩකනැඟිලි ලබාදිමට හැකියාව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වී එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ඔබ සියලුදෙනාට මම සුබ පතනවා.”

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහ බාල දක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාවෙන්” පසු නුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක්

Published

on

By

දින දහයක “සිරි දළදා වන්දනාවෙන්” පසු මහ නුවර නගරයේ වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ලදී.

නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ  ඉවත් කර නුවර වැව යළි යථා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

නාවික හමුදාවේ කමාන්ඩර් වීරසේකර  සහ  කැප්‍ටන් චරිත ගුණවන්ත යන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ක්ලින් ශ්‍රී ලංකා,  වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව සිදු කරන ලද මෙම ක්‍රියාන්විතය සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහායද නොඅඩුව හිමි වීම විශේෂත්වයකි.

නුවර වැව මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූවකි. එසේම වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද තර්ජනයක් එල්ල වී තිබිණි.

රට තුළ පාරිසරික, සාමාජයීය සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම තුළින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක  ක්ලීන් ශ්‍රී 
ලංකා වැඩසටහන යටතේ පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කැළිකසළවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමට ජනතාව තුළ ආචාරධාර්මික සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව “සිරි දළදා දැක්මට” සමගාමීව ඉකුත් දින දහය පුරා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මහනුවර නගරය ආශ්‍රිතව සක්‍රීයව ක්‍රියාවට නංවා තිබිණි.

Continue Reading

ඡායාරූප සටහන

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුකම් සොයා බැලීමට ජනපති මහනුවරට (UPDATE)

Published

on

By

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යනමහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 25 පෙ.ව.9.44 )

ජනපති හදිසියේම මහනුවරට යයි

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණි.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කෙරෙනු ඇත.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති මෙරට වතිකානු තානාපති කාර්යාලයට

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ  සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved