Connect with us

ඡායාරූප සටහන

“සොබාධනවි” විවෘත කෙරේ

Published

on

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණ.

default

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

ඡායාරූප සටහන

ජනපති  අනුරගෙන් මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාර

Published

on

By

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (15) පෙරවරුවේ  චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ.

Continue Reading

ඡායාරූප සටහන

තෛපොංගල් සැමරූ අගමැතිනිය හා විපක්ෂනායක

Published

on

By

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ කොළඹ, බම්බලපිටිය, කදිරේසන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී පැවැත්විණි.

සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් නියෝජනය කරන සිංහල, දෙමළ දේශපාලන නායකයන් රැසක් මෙම අවස්තාව සඳහා එක්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved