Connect with us

ඡායාරූප සටහන

ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි (ඡායා)

Published

on

චීන බෞද්ධ සංගමයේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා අභයගිරි විහාරාධිකාරී – ජූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම උත්සවයට ගරු සංඝරත්නය, කතානායක – මහින්ද අබේවර්ධන මහතා, වැඩබලන චීන තානාපති – හූ වෙයි මහතා, තානාපති කාර්යාල නිලධාරීන් හා චීන බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

ඡායාරූප සටහන

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ සමඟ සාකච්ඡා

Published

on

By

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයන්හි  වැය ශීර්ෂයන්ට අදාළ සාකච්ඡාවන් අද (10) ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මේ අනුව එහි එක් පියවරක් ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්වූ අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්  ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා

Published

on

By

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක්  ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය. 

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප  මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ  අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.

රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය  මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා  අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින  දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

උතුරේ තිබූ උ/පෙළ ප්‍රශ්නපත්‍ර ගුවනින් රැගෙන එයි (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්නපත්‍ර අද (29) නැවත රැගෙන ඒම සිදුකර තිබේ.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කල්දමා ඇති අපොස උසස්පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර මේ අයුරින් රැගෙන එනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මඟින් උතුරු පළාතේ ඩෙල්ෆ්ට්, වෙල්ලඩි, නාගදීපය යන ප්‍රදේශන් හි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන්හි සිට නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත එම ප්‍රශ්නපත්‍ර රැගෙනවිත් තිබුණි.

(ඡායා : dailynews.lk)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved