Connect with us

ඡායාරූප සටහන

අයහපත පරදා යහපත සොයන දීපවාලී අදයි! (ඡායා)

Published

on

ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ.

මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය සැලකෙන අතර, බැතිමතුන් විසින් පහන් හෝ ඉටිපන්දම් දල්වා අඳුර හා නපුර නසා ආලෝකය හා යහපත ජයගැනීම සංකේතවත් කරයි.

ඉන් අමතරව, සිය ජීවිතයට වාසනාව සහ ධනාත්මක බව ආවැඩීමට ඔවුන් වර්ණවත් කුඩු භාවිතා කරමින් සාම්ප්‍රදායික රංගෝලි රටා අඳියි.

තවද, යාඥා කිරීමට, භෝජන සංග්‍රහ වලට එක්වීමට, රසකැවිලි හා තෑගි බෝග හුවමාරු කර ගැනීමට, ගිනිකෙළි පත්තු කිරීමට ඔවුන් පවුලේ සාමාජිකයන් සමග එක්වේ.

කෙසේ වෙතත්, දීපවාලි උළෙල සමග ඉන්දියාවේ ඉහළ යන නවදිල්ලි අගනුවර වායු දූෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. 

(ඡායා : බීබීසී ලෝක සේවය)

Continue Reading

ඡායාරූප සටහන

ජවිපෙ හා චීන කොමියුනිස්ට් ලොක්කන් අතර සාකච්ඡාවක් (ඡායා)

Published

on

By

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන සුන් හයියාන් (Sun Haiyan) ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ පැලවත්ත‍ේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් හමුවූහ.

මෙම දෙපිරිස අතර පැවති මූලික සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ පූර්ව සූදානම සහ රට අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සඳහා දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීම මූලික කර ගෙන සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි 

අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. 

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. 

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ. 

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි. මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී. 

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය. 

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ. 

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. 

මෙම හමුවට පෙර මහරගම පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී චීනයේ දූත පිරිස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් සමඟ පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සහ කොට්ඨාශ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading

ඡායාරූප සටහන

රාමායණ පුවතට පුනර්ජීවයක් (ඡායා)

Published

on

By

ඉන්දු –  ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමේ අඩිතාලම නිර්මාණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායණ මංපෙත්) නිල ආරම්භය ඊයේ (21) සිදුවිය.

ලොව අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමඟින් ආරම්භ වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දීර්ඝ කාලයක් පුරාවට පවත්නා අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතාවේ මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරනා නව ව්‍යාපෘතියකි.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,  ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා පවසා සිටියේ සංචාරක ප්‍රවර්ධනය යනු මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ වැදගත් මූලාශ්‍රයක් බවත්, රාමායන් ට්‍රේල්ස් ප්‍රවර්ධනය ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගැන සඳහන් ඓතිහාසික රාමායණය කතා පුවත හා සම්බන්ධිත ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් ජාත්‍යන්තරය කරා ගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අභිමතාර්ථයකි.

මෙම ස්ථාන හුදෙක් පුරාණ ගොඩනැගිලි ලෙස පමණක් නොව නවීනතම තාක්ෂණය (AI) සමඟ සජීවීකරණය කල සිද්ධීන් ලෙස ප්‍රේක්ෂකයාට දැක ගැනීමේ හැකියාව ලැබේ. 

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා තෝරාගෙන ඇති සෑම ස්ථානයක්ම රාමායණය කතා පුවත හා සබැඳි ඓතිහාසික වටිනාකම් රැඳි ස්ථානයන් 09කි.

එමෙන්ම මේ ව්‍යාපෘතිය සමඟින් ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමත්, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීමත් අරමුණු වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟින්, ප්‍රබල කලාපීය ආයෝජකයින් සමඟ එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය දිගුකාලීන සිහිනයක් සැබෑ කර ගැනීමේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ.

අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ‘ශ්‍රී රාමායණ මංපෙත්’ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇත.

Continue Reading

ඡායාරූප සටහන

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published

on

By

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සිය x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ,එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved