“ඉදිරියටත් සහය දීමට සිය මිත්‍රත්වයේ හස්තය තවදුරටත් දිගු කිරීමට ඔවුන් සතුටු වන බව මං සිතනවා,” යැයි පැවසූ හූ වෙයි මහතා පැවසුවේ, ජීවත් වන නගරය, වාර්ගිකත්වය හෝ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් වැනි කරුණු අදාල නොවන බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මිතුරන් බවත්ය.

“අතීතයේ අප වෙනුවෙන් කළ මෙන් මේ, ශ්‍රී ලාංකික මිතුරන් වෙනුවෙන් අප වැඩියෙන් උදව් කළ යුතු සමයයි….” යහපත් කාල වලදී සැවොම හොඳ මිතුරන් වුවත්, සැබෑ මිතුරා කවුදැයි හඳුනාගැනීමට හැකි වන්නේ අයහපත් කාල වලදී බවද වැඩ බලන චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ෆා ෂියෑන් පුණ්‍යා භාරයේ නවතම අදියර ජනවාරි 11 සහ 12 යන දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ දී  පැවැත්වුණ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ දළදා මාලිගාව, නෙල්ලිගල විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කිහිපයක් හරහා පවුල් 9,600කට වියළි සලාක මළු බෙදා දෙන ලදී.

(ඡායාරූප සහ වීඩියෝ : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර)