Connect with us

ඡායාරූප සටහන

ෂැංහයිවලින් තවත් චීන සංචාරකයින් පිරිසක් ලංකාවට (ඡායා)

Published

on

චීනයේ ෂැංහයි නුවර සිට තවත් චීන සංචාරකයින් 181 දෙනෙකු ඊයේ (10) ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙවැනි විශාල චීන සංචාරක පිරිසක් මේ මාසය තුළ ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර මේ සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන් ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සහභාගිවී ඇත.

සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිට චීන සංචාරකයන් රැගත් ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ මෙරටට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස වූ සංචාරකයන් 117 දෙනෙකු රැගෙන චීනයේ ග්වැන්ෂෝ නුවර සිට පසුගියදා දිවයිනට පැමිණියේය.

සබැඳි පුවත්

පළමු චීන සංචාරයක පිරිස ලංකාවට පැමිණෙයි (ඡායා)

ඡායාරූප සටහන

රාමායණ පුවතට පුනර්ජීවයක් (ඡායා)

Published

on

By

ඉන්දු –  ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමේ අඩිතාලම නිර්මාණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායණ මංපෙත්) නිල ආරම්භය ඊයේ (21) සිදුවිය.

ලොව අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමඟින් ආරම්භ වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දීර්ඝ කාලයක් පුරාවට පවත්නා අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතාවේ මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරනා නව ව්‍යාපෘතියකි.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,  ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා පවසා සිටියේ සංචාරක ප්‍රවර්ධනය යනු මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ වැදගත් මූලාශ්‍රයක් බවත්, රාමායන් ට්‍රේල්ස් ප්‍රවර්ධනය ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගැන සඳහන් ඓතිහාසික රාමායණය කතා පුවත හා සම්බන්ධිත ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් ජාත්‍යන්තරය කරා ගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අභිමතාර්ථයකි.

මෙම ස්ථාන හුදෙක් පුරාණ ගොඩනැගිලි ලෙස පමණක් නොව නවීනතම තාක්ෂණය (AI) සමඟ සජීවීකරණය කල සිද්ධීන් ලෙස ප්‍රේක්ෂකයාට දැක ගැනීමේ හැකියාව ලැබේ. 

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා තෝරාගෙන ඇති සෑම ස්ථානයක්ම රාමායණය කතා පුවත හා සබැඳි ඓතිහාසික වටිනාකම් රැඳි ස්ථානයන් 09කි.

එමෙන්ම මේ ව්‍යාපෘතිය සමඟින් ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමත්, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීමත් අරමුණු වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟින්, ප්‍රබල කලාපීය ආයෝජකයින් සමඟ එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය දිගුකාලීන සිහිනයක් සැබෑ කර ගැනීමේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ.

අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ‘ශ්‍රී රාමායණ මංපෙත්’ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇත.

Continue Reading

ඡායාරූප සටහන

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published

on

By

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සිය x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ,එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Continue Reading

ඡායාරූප සටහන

පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ඇවිද ගිය ජනපති

Published

on

By

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල්” (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved