Sathosa

Feb 20, 2018

තිසර පණ රකින සුෂුන් (ඡායා)

විහඟ ලොව පිවිතුරුම සාමාජිකයෙකු වන හංසයන් ලොව විවිධ සංස්කෘතීන් හා සාහිත්‍ය සමග නැතැතින් බැඳුනු සංකේතයකි.

යුවාන් සුෂුන් එම පවිත්‍ර සංකේතය දිවිහිමියෙන් රකින්නෙකි. නැගෙනහිර චීනයේ ෂැංඩොං පළාතේ චෙන්ෂන් නම් නගරයේ ඇති හංස විල වටා රොක් වන හංසයින් සියගණනක් ඔහු ගේ ආරක්ෂාව යටතේ සිටියි.

හංස විල කරා ඇදෙන හංසයන් හට දිනපතා ආහාර ලබාදෙන ඔහු, මෙම කර්තව්‍යයේ නිරත වන්නේ හතළිස් වසරක් පුරාවටය.

මේ දක්වා රෝගී වූ හෝ තුවාල ලැබූ හංසයන් 1,000ක් පමණ ඔහු විසින් සුවපත් කර තිබෙන අතර, ඔහු ගේ මෙම දැවැන්ත පරිශ්‍රමය හේතුවෙන් 1975 සිට තෙත්බිම් අක්කර 66.67ක ප්‍රමාණයක් විනාශ නොවී සුරැකී පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් ඔහුව Swan Guard (හංස රැකවලා) ලෙස ද හඳුන්වනු ලබයි.

යුවාන් වැනි පුද්ගලයන් හේතුවෙන් චෙන්ෂන් හි හංස විල, ශීත කාලයේදී හංසයන් සඳහා තෝතැන්නක් බවට පත්ව තිබේ.

මූලාශ්‍රය හා ඡායා : සින්හුවා පුවත් සේවය

136979267 15187587473381n

136979267 15187587474771n

136979267 15187587475361n

136979267 15187587476601n

136979267 15187587477761n

136979267 15187587478771n

136979267 15187587479631n

136979267 15187587480841n

136979267 15187587481581n

136979267 15187587482951n

136979267 15187587484681n

136979267 15187587485711n

136979267 15187587486751n

136979267 15187587487531n

136979267 15187587488511n

136979267 15187587489251n

136979267 15187587489891n

136979267 15187587490471n

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top