මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇත.
1979 වසරේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදි එම ජලාශයට කඩදොර ශ්‍රී පිය බිම්බාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය ඇතුළු ආගමික ස්ථාන රැසක් ජලාශයට යට විය.
මේ දිනවල ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමඟ කොත්මලේ කඩදොර ප්‍රදේශයෙන් යටවූ කඩදොර ශ්‍රී පිය බිම්බාරාම විහාරස්ථානය මතුව ඇති අතර එහි මතුවී ඇති බුද්ධ ප්‍රතිමාවහන්සේට පුද පූජා පැවැත්වීමට හා එය දැක බලා ගැනීමට විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටී.
මෙම ජලාශය ඉදිකිරීමේදී යටවූ ආගමික හා පුජනීය ස්ථාන සිහිකිරීම පිණිස කොත්මලේ මහා සෑය ඉදිකර තිබේ.
මේ අතර කොත්මලේ ජලාශ වේල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඒ හරහා වාහන ධාවනය කිරීම හා ජලාශය නැරඹීම ලබන 01 වැනිදා දක්වා තාවකාලිකව තහනම් කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
එම නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටී.
රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු