ඇයගේ ප්‍රියතම සාරිය යැයි පැවසෙන රතු හා රන් කංජිවරම් සාරියකින් සරසවනු ලැබූ ශ්‍රීදේවි ගේ දේහය ඉන්දීය ජාතික ධජයෙන් වසා වීදුරු පෙට්ටියක තැන්පත් කර තිබුණි.
මහජන ගෞරවය සඳහා ලෝක්නද්වාලා හි පිහිටි ඇගේ නිවස අද්දර උත්සව ක්‍රීඩා සමාජ ශාලාවේ තැන්පත් කර තිබූ ඇගේ දේහය ප.ව. 2.30ට විලේ පාර්ලේ සේවාසමාජ් ආදාහනාගාරය වෙත ගෙන ගොස් තිබුණි.
ඇයට අවසන් ගෞරව දැක්වීමට දකුණු ඉන්දීය සිනමාවේ හා බොලිවුඩ් පුරයේ තරු රාශියක් පැමිණි අතර, ඇගේ රසිකරසිකාවියන් දසදහස් ගණනක් ද අවට මාර්ග පුරාවට ද අවමංගල රථය සමග ඉදිරියට යන අයුරුද දක්නට ලැබුණි. ඇගේ අවසන් ගමනේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
පවුලේ මංගල උත්වසයකට ඩුබායි වෙත ගොස් සිටියදී ඇය සිය හෝටල් නාන කාමරයේ ටබ් එක තුළ මියගොස් තිබුණි. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණේ ඇය දියේ ගිලීමෙන් මියගිය බවයි.
මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇගේ දේහය ඊයේ දිනයේදී ඉන්දියාවට ගෙන එනු ලැබුණි.
ඉන්දියාවේ පළමු කාන්තා සුපිරි තරුව ලෙස සැලකෙන ශ්‍රීදේවී, මුල් වරට රිදී තිරයේ ප්‍රධාන චරිතයකට පණපෙව්වේ 13 හැවිරිදි දැරියක්ව සිටියදීය. ඒ, 1976දී තිරගත වූ Moondru Mudichu චිත්‍රපටය වෙනුවෙනි. රජිනිකාන්ත් හා කමල් හසන් සමග එම චිත්‍රපටයේ රඟපෑ ඇය, එතැන් පටන් දශක පහක් පුරාවට භාෂා කිහිපයකින් නිමවූ චිත්‍රපට 300කට පමණ රංගන දායකත්වය ලබාදුන්නාය.
වසර 2013 දී පද්මා ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබූ ශ්‍රීදේවී, සිය පෞද්ගලික දිවිය වෙනුවෙන් කාලය කැප කිරීමට වසර කිහිපයක් සිනමාවෙන් සමුගෙන තිබුණි. ඇය යළිත් සිනමාවට එක්වූයේ 2012 තිරගත වූ ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමගයි. ‘මම්’ ඇගේ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන අතර, ඊට අමතරව ශාරුක් ඛාන්ගේ සීරෝ චිත්‍රපටයේ විශේෂ දර්ශනයකට ද පෙනී සිටි සිටියාය.
ඇගේ ප්‍රියතම සාරිය යැයි පැවසෙන රතු හා රන් කංජිවරම් සාරියකින් සැරසී (ANI)
සිය පවුලේ සාමාජිකයන් සමග (ANI)
අවසන් ගෞරව දැක්වීමට පැමිණි ක්ෂේත්රයේ තරු කිහිපයක්
අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඇගේ රසික රසිකාවියන් (Danish Siddiqui / Reuters)
රැස්ව සිටි පිරිස් පාලනය කිරීමට උත්සහ දරණ පොලිසිය (Danish Siddiqui / Reuters)
ආදාහනාගාරය ඉදිරිපිට දසුන් (Hindustani Times)
මලින් සැරසුනු අවමංගල්‍ය රථයේ සිය පවුලේ සාමාජිකයන් සමග අවසන් ගමන් යන ශ්‍රීදේවි (AP)
අවමංගල රථයේ ගමන් කළ ශ්‍රීදේවි ගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂක බොනී කපූර් (EPA)
විශාල ජනගඟක් මැදින්…(Yahoo)
….ඇය නික්ම යන්නීය… (Yahoo)