ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන Cheng Xueyuan මහතා හා මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන අමුත්තන් ලෙස මෙහි විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.
කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් පරිශ්‍රයේ අද සිට මාර්තු 04 දා දක්වා පැවැත්වෙන මෙම සංස්කෘතික සල්පිලට චීනයේ සංස්කෘතික අංග ගණනාවක් ඇතුළත් වේ.
ප.ව. 6.00 - ප.ව. 10.00 දක්වා මෙම චීන සංස්කෘතික සල්පිල පැවැත්වෙන අතර, සංස්කෘතික සංදර්ශනය, මාර්තු 01,03 හා 04 යන දිනයන්හි ප.ව. 7.00 ට ද මාර්තු 02 දා ප.ව. 8.00 ට ආරම්භ වේ.
ඇතුල්වීම නොමිලේ.
(ඡායා : හර්ෂිකා රාජපක්ෂ / ශානිකා ජයසේකර)















