ඒ ඊයේ (23) ජනාධිපති සිරිසේන මහතා පකිස්තාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවෙමින් එය හිමිකරගත් බව පැවසේ.
විශේෂ ආරක්ෂක රථ වාහන පෙළපාලියකින් උත්සව භූමිය වෙත ගිය සිරිසේන මහතා පාකිස්තාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබ තිබේ.
අනතුරුව සිරිසේන මහතා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන ගොස් ඇති අතර පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා, ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග්රාමාත්ය, කතානායකවරයා සහ පාකිස්ථාන ත්රිවිධ හමුදාපතිවරු එහි අසුන් ගෙන ඇත.
දෙරටේ ජනාධිපතිවරු ඇතුළු පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත්රවත් ගුවන් හමුදා සංදර්ශනය නරඹා ඇත.
පාකිස්තාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සඳහා එක්ව සිටි බව පැවසේ.
පැය 03 කට ආසන්න කාලයක් පැවති ජන රජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් තිබී ඇත.