Mar 27, 2018

යුධ නැවේ අසිරිය දකින්න හෙට සිදු පතුලට එන්න

එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකව යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය ආරක්‍ෂිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණි.

නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්ත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළ අතර, ඒ අනුව ඊයේ (මාර්තු 26) බටහිර මුහුදු තීරයේදී ඒ 522 නෞකා‍ව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරන ලදී

තවද, ගිල්වන ලද නෞකව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසිම හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය අප රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇත.

1

2

3

4

5

6

7

8

11

13

15

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top