ඉකුත් 03 වැනිදා මෙම වන අලි පැටවාව බේරා ගැනීමට වන ජීවී නිලධාරීන් සමත් වී ඇත.
කරුවලගස්වැව - කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වනාන්තරය මැද පිහිටි ජලය පිරී ගිය ගල් වලකට වන අලි පැටවෙකු වැටී සිටින බවට වූ තොරතුරක් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජානක බාලසූරිය මහතාට ලැබී ඇත.
වහාම ක්‍රියාත්මක වී ඇති ප්‍රාදේශීය ලේකම්වරයා කරුවලගස්වැව වන ජීවී නිලධාරීන් කණ්ඩායමක්ද සමග එම ස්ථානයට ගොස් වන අලි පැටවා ඉන් මුදා ගැනීමට කටයුතු කර තිබේ.
මාස 04 ක් පමණ වයසැති මෙම වන අලි පැටවාගේ මුඛයට සහ පාද වලට තුවාල සිදුවී ඇත.
දින දෙකක් පමණ කාලයක් වන අලි පැටවා ගල් වලේ සිටින්නට ඇති බවත්, ඉන් ගොඩට පැමිණීමට උත්සාහ කිරීම නිසා එම තුවාල සිදු වන්නට ඇති බවටත් විශ්වාස කරන්නේ යැයි වන ජීවී නිලධාරීහු කියති.
මව සමඟ ජලය සොයා පැමිණි අවස්ථාවක වන අලි පැටවා ගල් වලට වැටෙන්නට ඇති බවට විශ්වාස කරන බවත්, පැටවා ගොඩට ගැනීමට නොහැකි වීම නිසා මව වන ගත වන්නට ඇති බවට සැකකළ හැකි බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු
ජලය පිරී ඇති ගල් වලකට වැටී සිටි අලි පැටියෙක් බේරා ගෙන ප්‍රතිකාර සදහා අනුරාධපුර - පණ්ඩුලගම පිහිටි ප්‍රාදේශීය වන ජීවී කාර්යාලය වෙත යැවීමට කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362