Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Apr 09, 2018

එරබදු මල් වැටි පාරේ- මේ ඇත්තන් කොයි යන්නේ

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුනු සූර්යාභිෂේකය 2018 - මහනගරේ මහ අවුරුදු සංස්කෘතික උළෙල ඊයේ (08දා)  කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහානගර ඇමති චම්පික රණවක නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(08) උදෑසන ටොරින්ටන් ක්‍රීඩාපිටියේදී ආරම්භ වූ අතර  හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අවුරුදු ජන ක්‍රීඩා මෙන්ම  තවත් තරඟ රැසකින් සමන්විත විය.
 
දිවයිනේ නන් දෙසින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජන කොටස් විශාල සංඛ්‍යාවක් මෙම අවුරුදු උළෙල සඳහා සහභාගීවීම ද විශේෂත්වයකි.  
 
අවුරුදු උත්සවයෙන් පසුව සූර්යාභිෂේකයේ මහා සංස්කෘතික මංගල්‍යය, සංස්කෘතික අමාත්‍යාංශය, ශ්‍රී  ලංකා පොලීසිය, නාවික හමුදාව,  ශ්‍රී  ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස 6.30ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. ඉන් අනතුරුව විචිත්‍රවත් මල්වෙඩි සන්දර්ශණයක්ද මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින්  සංවිධානය කර තිබිණි.
 
රාත්‍රී අටට අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය මහේෂ් දෙණිපිටියගේ සංගීතයෙන් සහ ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් විය. 
 
 
1
 
 
 
16
 
24
 
13
 
6
 
18
 
43
 
25
 
29
 
27
 
35
 
34
 
37
 
39
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top