Apr 18, 2018

පරා මාළු වාසනාව !

යාපනය වඩමාරච්චි ධීවරයින්ගේ මාදැලකට පරා මාළු කිලෝග්රැම් 10,000 කට වැඩි  ප්‍රමාණයක් ඊයේ (17) හසුවි ඇති බව යාපනය වඩමාරච්චි ධීවරයින් පවසති.

ධීවරයින් පැවසූවේ ප්‍රදේශයේ ධීවරයින් එළන ලද මා දැලකට අදාළ මාළු තොගය හමුවී ඇති අතර, එක පරා මාළුවෙකු කිලෝග්රැම් එකහාමාරක පමණ බරකින් යුතු වන බව පැවසේ.

ධීවරයින් පැවසූවේ පරා මාළු රංචුවක් දැලට හසුවි ඇති අතර, අදාළ මාළු තොගය රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු බවයි.

මෙසේ උපයාගත් මාළු අස්වැන්න තොග මිළට විකිණීමට නියමිත බවද වඩමාරච්චි ධීවරයින් පැවසූහ.

කලෙකට පසුව ඉතා විශාල මාළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් ධීවරයින් සතුටට පත්ව සිටින බවද ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

paramalu

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top