Apr 20, 2018

වේයන්ගෙන් බේරන්න නුග රුකට ‘සේලයින්’ (ඡායා / වීඩියෝ)

සාමාන්‍යයෙන් සේලයින් යනු මරණ මංචකයේ සිටින ලෙඩුන්ට පවා යළි ජීවය ගෙන දෙන්නකි.

මෙලෙස අසාධ්‍ය තත්ත්වයේ පවතින රෝගියෙකුට ‘සේලයින්’ ලබාදෙන අපූරු පුවතක් ඉන්දියාවේ ටෙලෙගනා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙම රෝගියා මිනිසෙකු හෝ සතෙකු නොව දැවැන්ත නුග රුකකි.

අක්කර තුනක් පුරා පැතිර ඇති මෙම නුග රුක වසර 700ක් පමණ පැරණි බවත් එම විශේෂයට අයත් ලොව පවතින් දෙවැනි විශාල නුග රුක බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ සංචාරකයන් අතර ජනප්‍රිය වූ මෙම නුග රුක වේයන් හේතුවෙන් දැඩි ලෙස දිරාපත් වී ඇති අතර, කුමණ වේලාවකදී හෝ එය කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමට 2013දී ප්‍රාන්ත බලධාරීන් විසින් එය වසා දමා තිබේ.

වේයන්ගෙන් මෙම වෘක්ෂයට සිදුවන අනතුර වළක්වාගැනීමට මේ වන විට පළිබෝධ නාශක අඩංගු ‘සේලයින්’ බටයක් ගසට සවි කර තිබේ. මෙම වෘක්ෂයේ මුල් වලට ද මෙම පළිබෝධ නාශක ලබාදීමට බට සවිකර තිබේ.

මෙම ප්‍රතිකාරය මගින් මෙම වෘක්ෂය ආරක්ෂා කරගැනීමට ඉන්දීය බලධාරීන් බලාපොරොත්තු වේ.

(ඡායා : අන්තර්ජාලය / වීඩියෝ : හින්දුස්තානි ටයිම්ස්)

Tree 1

Tree 2

Tree 3

Tree 6

Tree 7

Tree 8

Tree 9

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top