Sathosa

Apr 26, 2018

ශතකය පැන්නූ වතු ලයිමේ සීයක් අවදානමේ! (ඡායා)

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ ඉහල කොටසේ ඉපැරිණි වතු නිවාස පේලියක් කඩා වැටිමේ අවදානමකට ලක් වී ඇති බව එම වතු පාලන අධිකාරිය කියයි.

අද(26) අලුයම 5.00ට පමණ එම නිවාස පේලියේ නිවාස දෙකක බිත්ති කඩා වැටි ඇති අතර සෙසු නිවාස කිහිපයකද බිත්ති සහ  ගල්  කඩා වැටෙමින් පවති.

වසර 150කට වඩා ඉපැරිණි මෙම වතු නිවාස පේලිය තුල පවුල් 32 අයත් සමාජිකයන් 100කට වඩා ජීවත් වන අතර , එම වතු නිවාස පේලිය කළු ගල්  හා මැටි යොදා ගනිමින් ඉදි කල එකක් බවයි පැවසෙන්නේ.

එම  වතු නිවාස පේලිය කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම  වතු නිවාස පේලියේ පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරියේ අවධානය යොමු වි ඇත.

එම වතු නිවාස පේලිය කඩා වැටිමේ අධානමක් පවතින බව  පදිංචිකරුවන් විසින් වතු පාලන අධිකාරියට අවස්ථා කිහිපයකදි දැනුම් දුන් බවද  පදිංචිකරුවන් කියයි.

(රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු)

1001

1003

1004

1005

1006

1007

1008

1009

10010

10011

10012

10013

10014

10015

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top