Sathosa

Apr 30, 2018

මිල පට්ට චාටර් නිසා ජයවීර වට්ටක්කා දන්සලක් දෙයි (ඡායා)

අක්කර 5 කින් යුත් සිය වට්ටක්කා අස්වැන්න වෙසක් පුන් පොහෝ දිනයේ දන්දීමට ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී .ජි . ජයවීර නම් වූ තරුණ ගොවි මහතෙකු කටයුතු කර තිබේ.

රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය කොට තමන් මෙවර වට්ටක්කා අක්කර පහක වගා කොට අස්වැන්න ඉතා සරුවට තිබුණු බවත්, එහෙත් වට්ටක්කා අලෙවි නොවීම නිසා අස්වැන්න නෙලීම අතහැර දැමූ බව ජයවීර මහතා සඳහන් කළේය.

පසුව එම වට්ටක්කා අස්වැන්න  ප්‍රදේශයේ අනෙකුත් ගොවි මහතුන්ගේ සහයෝගය ඇතිව වෙසක් පුන් පොහෝ දින කඩාගෙන ටැක්ටර් හා ලොරි රථවලින් ගලේවෙල කලා වැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියට ගෙනැවිත් දන්සලක් දමා ජනාතාවට බෙදා දුන් බවද ඔහු කීය.

වාහන වලින් පැමිණි දුර පළාත්වල බොහෝ වන්දනාකරුවන් වට්ටක්කා ගෙඩි පිටින් දන්සැලෙන් රැගෙන යන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

ජයවීර ගොවි මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වට්ටක්කා තොගය මහ පොළොව යට කර නැවත ගොවිබිම්  හෑමට තීරණය කරන මුත් එහෙත් ආහාරයට සුදුසු මෙම වට්ටක්කා විනාශවීම අපරාධයක් නිසා ජනතාවට බෙදාදී තම මියගිය දෙමව්පියන්ට පින් අත්පත් වෙන්න මෙම පිංකම සිදු කළ බවය.

දේවහුව ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ගොවි ජනතාව ජීවත් වන ප්‍රදේශයක් බවත්, එහෙත් තරුණ ගොවීන් මේ වන විට ගොවි තැනට තිත තබා තිබෙන බවත්, තමන් ද බොහෝ දුරට ඉදිරි කන්නවලදී ගොවිතැනින් ඉවත්ව වෙනත් රැකියාවක් සොයා ගන්නා බවත්, ජයවීර මහතා මෙහිදී සඳහන් කළේය.

ජයවීර මහතාගේ මෙම අපූරු වට්ටක්කා දන්සැලට ගොඩවදින බොහෝ බැතිමතුන් ජයවීර මහතාට සුබ පතමින් කෘෂිකර්ම බලධාරීන්ට බැන වදිමින් ඉන් පිටත් වන අයුරුද දැක ගැනීමට හැකියාව ලැබේ.

ඡායාරූප වල දැක්වෙන්නේ ජයවීර මහතා සහ ඔහුගේ ගොවීන් එක්ව දඹුල්ල ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ  ගමන්  කරන සුඛෝපභෝගී වාහන සහ අනෙකුත් පෞද්ගලික බස්රථ වන්දනාවේ පැමිණෙන   වට්ටක්කා පරිත්‍යාග කරන ආකාරයයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු

Dansela1

Dansela2

Dansela3

Dansela4

Dansela5

Dansela6

Dansela8

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top