Sathosa

May 03, 2018

වැටෙන් මහ මල් වැස්ස - තුටින් සමුගත් නුඹට (ඡායා)

කඩවුණු පොරොන්දුවෙන් කුල්මත් වූවන්ට ආයෙත් චිත්‍රපටියක් බලන්න ඕන වුණා. ආයේ චිත්‍රපටි ආවා. ඊට පස්සේ වෙනස් චිත්‍රපටියක් ඕන වුණා. එතකොට කලා උපාධිය හදාරන්න එංගලන්තයට ගිහින් සිටි ලෙස්ටර් ලංකාවට ආවා. සිනමාවේදී ලෙස්ටර් කළ වෙනස අදටත් දැනෙනවා.

රේඛාව දිගේ කැමරාව එළියට ආවා. ගහ කොළ මල් ඇත්තටම පේන්න ගත්තා. නළු නිළියෝ තටු ගහලා රැඟුවා.

1956 දී රේඛාවෙන් ආරම්භ කළ ඒ සිනමා ගමන 2006 අම්මාවරුන්ගෙන් අවසන් වුණේ මේ ලංකාවේ මහා සිනමාවක් හදලා. කාලයක් අපේ සිංහල සිනමාව ඉන්දියාවේ සිනමාවටත් අභියෝගයක් වුණා. ලෙස්ටර් කියන්නේ මේ රටේ සිනමාවක් ඇති කළ දැවැන්ත යුග පුරුෂයෙක්.

පසුගියදා ඔහු සදහටම ඇස් පියා ගත්තා. ඒත් ඒක එහෙම වුණා කියලා මහ දුකක් දැනුණේ නෑ. ඒ ඔහු අදටත් හිතේ ජීවත්වෙන නිසා. ඔහු කළ කී දෑ නිතර ඇහෙනවා. අවුරුදු 99ක් ආයු වළදා දැනෙන දෙයක් ඉතරි කර තුටින් ගිය ගමනක් ඒක. ඔහු තවදුරටත් ඔහුගේ ආදරණිය බිරිඳගේ සිනමාවත් එක්ක රැඳේවි.

"ඔහු සාමදානයෙන් සැතපේවා" කියද්දී දැනෙන එකම දුක නම් නිදිගත් සිරුර නිවසින් පිටවෙද්දී ඔහු ආදරේ කළ පදක්කමක් සොරා ගැනීමට තරම් සොරෙකු මේ රටේ මෙතෙක් කල් ජීවත්වීම පමණි.

ශිරන්තනී

ඡායා-Lakdana ෆේස්බුක් පිටුවෙන්

31870485 1534202336709124 6074868358405160960 n

31747962 1534202410042450 1121725181451042816 n

funaral 3

funaral 1

funaral 2

31786456 1534202640042427 1058394462742380544 n

sad 1

sad 2

sad 3

sad 4

sad 5

sadness 2

sadness 1

last 1

last 2

last 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top