Dec 13, 2016

ෆිල්ම්වලට මඟහැරුණ තුර්කි කවුබෝයිලා

මෙම අපූරු ඡායාරූප පෙළ හොලිවුඩයේ පැරණි කව්බෝයි චිත්‍රපට පිළිබඳ මතකයක් අවදිකරනවා නොවේද?

හොලිවුඩ් චිත්‍රපට වල ඇමෙරිකාවේ 'වයිල්ඩ් වෙස්ට්' දසුන් වලට ඉතා සමාන වුවත් මෙම ඡායාරූප ගෙන ඇත්තේ ඇමෙරිකාවේ නම් නොවේ.

ඩැන් ඇලැන්දෘ-මිරික් නම් රොමේනියාවේ 39 හැවිරිදි ඡායාරූප ශිල්පියාට මෙම දසුන නෙත ගැටී ඇත්තේ තුර්කියේදී ය.

තුර්කියේ Kayseri ප්‍රදේශයේ දිව යන අශ්වයන් රැළක් ගාල් කරන දර්ශනයක් මෙමගින් දැක්වේ.

ජෝන් වේන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් වැනි හොලිවුඩ් තරු රඟන හොලිවුඩ් චිත්‍රපට වල දසුන් මතකයට ආ බව මිරික් පවසයි.

(ඩේලිමේල්)

Cowboy1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top