Sathosa

May 30, 2018

පොලිස් සේවය අකුරටම කළ කෝරා මියයයි (ඡායා)

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර  3කට වැඩි කාලයක් රාජකාරි කළ කෝරා සුනඛයා ඊයේ (29 දා) අලුයම මිය ගොස් ඇත.

බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පෑළියගොඩ, අම්පාර , මඩකලපුව,බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කර ඇත.

හැටන් පොලිස්  කොට්ඨාශයේ අපරාධ රැසකට සම්බන්ධ  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහයෝගය ලබාදී ඇති කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කළ කාලය තුළ  ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට සහයෝගය දක්වා ඇත.

මධ්‍යම පලාතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ  මුලස්ථානයේ පුහුණුවක් සදහා කෝරා සුනඛයාව රැගෙන ගිය අවස්ථාවේ කෝරා මිය ගොස් ඇති බව හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.

රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු

Kora1

Kora2

Kora4

Kora5

Kora6

Kora7

Kora8

Kora9

Kora10

Kora12

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top