Sathosa

Jun 06, 2018

කඳ සුරිඳු වඳින්න පල්ලම් බහින්නෝ (ඡායා)

දෙවිවරුන් දැකීමට.. මහ රජුන් දැකීමට ඒ කාලෙත් බොහෝ අය දුර බැහැර ගියා .වන දුර්ග, කැළෑ පිස දින මාස සති ගණන් ඔවුන් ඇවිද්දේ මහත් වූ භක්තියෙන්. අද, වන්දනාවේ මෙන්ම භක්තියේද සැබෑ වෙනසක් පෙනෙන්න තිබුණත් යාල්පානමෙන් කතරගමට එන මේ අය අපට මතක් කර දෙන්නේ ඒ ඉතිහාස පොත්වල සඳහන් කතන්දරමයි. 
 
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම යාපනය සිට කතරගමට යන මේ අය මට මුණගැහුණේ  පුල්මුඩේ බෝගස් හන්දිය මාර්ගයේදී.
 
සුහද සිනාවක් දී මම ඔවුන්ට ටිකක් කතා කළා.
 
යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන ඔවුන් කැළෑ මාර්ග ඔස්සේ පයින් ගමන් කරමින් යාපනය,කොඩිකාමම්,පුදුකුඩිඉරිප්පු,කෝකිලායි, කොක්කුතුඩුවායි,පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලයේ කොඩි එසවීමේ මංගල්ලයට යනවා.
 
උහන ප්‍රදේශයේ සිට කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීම ඔවුන්ගේ බලාපොරොත්තුව.
 
මේ අය යාපනය සිට කතරගම දක්වා දින 54 කර ලබන ජූලි මස 13 වැනි දා කතරගම දේවාලයේ  පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්ලයට සහභාගී වෙනවා.
 
කාන්තාවන්ද ඇතුළුව 100ක නඩයක්. නොදන්නවා වුණාට මේක සාම්ප්‍රදායික චාරිත්‍රයක්.
 
සටහන සහ ඡායාරූප -මාධව කුලසූරිය- වවුනියාව වාර්තාකරු
Siripa00001
 
Siripa00002
 
Siripa00003
 
Siripa00005
 
Siripa00006
 
Siripa00007
 
Siripa00008

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top