සිනමා තරු පිරිවරා ගනිමින් හෝරා හතරක් පුරා පැවැති මේ මහා සිනමා උළෙලේ දී ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත්රපටයට රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පිනී අංජලී පටෙල් හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර ගනු ලැබුවාය.
ඇයට හිමි සම්මානය ලබා ගත්තේ දුලානි අනුරාධායි.
අංජලී,ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්රපට ගණනාවක චරිත මැවූ අයෙකි.
හොඳම නළුවා ලෙස සම්මානය ‘මහරජ ගැමුණු’ චිත්රපටයේ රංගනයට දායක වූ ජැක්සන් ඇන්තනී දිනා ගත්තේය.