Pasidol

Sathosa

Jun 13, 2018

පෝෂේ 70 සමරයි (ඡායා)

ජර්මනියේ නිපදවන ලබනු සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) විසින් සිය 70 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ Porche මුලස්ථානය විසින් ද විශේෂ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

Porche ප්‍රශ්ණ විචාරත්මක තරගයක්, දරුවන් සඳහා Porsche Driving School ඇතුළු විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් මෙහිදී සංවිධානය කර තිබුණු අතර, මෙරට සිටින ජර්මනියේ තානාපති Jörn Rohde මහතා ද මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ Porche මුලස්ථානයේ සාමාන්‍යාධිකාරී - රවී ඕපාත මහතා පවසා සිටියේ, “මෙම අවස්ථාව, Porche මෙතෙක් අත්කර ගෙන ඇති සාර්ථකත්වය සමරන්නක්. එමෙන්ම එය අප සමග රැඳී සිටින මෙරට Porsche ලෝලීන් හා කීර්තිමත් සේවාදායකයින්ට වෙනුවෙන් ස්තූතිය පළ කිරීමක්. ඔවුන් සමග අද දිනය සැමරීමට හැකිවීම ඉතා සතුටක් හා ගෞරවයක්,” බවයි.

මෙරට පැවති පෝෂේ (Porsche) සිය 70 වැනි සංවත්සරයේ සොඳුරු අවස්ථා කිහිපයකි මේ.

70 1

70 2

70 3

70 5

70 6

70 8

70 9

70 10

70 11

70 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top