Jun 15, 2018

ෆීෆා ලෝක කුසලානය ඇරඹේ (ඡායා)

වසර 2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලිය ඊයේ දින (14) මහත් හරසරින් මොස්කව් හි ලුස්නිකි ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

මෙහි සමාරම්භක උළෙල සැමරුම හා ආරම්භක තරගය ලොව පුරා බිලියනයක් පමණ නැරඹූ බවට ඇස්තමේන්තු කර තිබේ.

මෙම උත්සව අවස්ථාවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මෙන්ම සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ද එක්විය.

ලෝක කුසලානය ක්‍රීඩාංගනය හමුවට ගෙන එනු ලැබුවේ 2010 ලෝක කුසලානය ජය ගත් ස්පාඥ්ඥ පිලේ හා රියල් මැඩ්රිඩ් පිලේ හිටපු නායක අයිකර් කැසිලස් විසිනි.

විවිධ සංදර්ශණ රැසකින් මෙම සමාරම්භ උළෙල විචිත්‍රවත් වුවත්, එහි ගී ගැයූ පොප් ගායක රොබී විලියම්ස් කැමරා කාච වලට සිය මැදඟිල්ල පෙන්වීම හේතුවෙන් දැඩි දෝෂදර්ශනයට ලක්විය.

තරගාවලියේ ආරම්භ තරගය ජයගැනීමට රුසියාව සමත්වීමත් සමග එහි සිටි ක්‍රීඩා ලෝලීන් ගේ උද්යෝගය හිනිපෙත්තටම නැග තිබුණි.

කෙසේවෙතත්, රුසියානු හා සෞදි අරාබි කණ්ඩායම් දිරිගැන්වීමට ලුස්නිකි ක්‍රීඩාංගනයට රැස්වූ කාන්තා ක්‍රීඩාලෝලීන් ගේ ඇඳම් පැළදුම් වල වෙනස ඉතා පැහැදිලිව දිස් විය.

සිරුර නිරාවරණය වන අයුරින් හැඳ පැළඳ සිටි රැසියානු කතුන්ද, ඉස්ලාම් නීතිරීති වලට අනුකූලවි දෑස් පමණක් නිරාවරණය කළ සිටි සෞදි කතුන්ද මෙහි දක්නට ලැබුණි. මෙලෙස ක්‍රීඩාංගනයක සිට පාපන්දු තරගයක් නැරඹීමට සෞදි කාන්තාවන් හට ඉතිහාසයේ පළමුවරට අවසර හිමිවූයේ ජනවාරි මාසයේදීය.

 (ඡායා : ඩේලිමේල්)

fifa1

Fifa2

FIfa3

fifa4

fifa5

fifa6

fifa7

fifa8

fifa9

fifa10

fifa11

fifa12

fifa13

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top