Sathosa

Jun 18, 2018

දිය පොදක් සොයා වෙරළ හාරන ඈයෝ (ඡායා)

බත්තලංගුණ්ඩුව කියන්නේ කල්පිටිය අර්ධද්වීපයට මායිම්ව පිහිටා ඇති දූපතක්. මේ දූපතේ ජීවත් වෙන්නෙ ධීවර ජනතාව. අපට බත්තලංගුණ්ඩුවට බෝට්ටුවක නැඟලා සවාරියක් යන එක හීනයක්. ඒ සුන්දර පරිසරයේ පහස දැනෙන්නේ වෙනස් විදියට. ඒත් එහෙ ඉන්න මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් හොයන එකත් හීනයක්.

බත්තලංගුණ්ඩුව පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති ස්භාවික දූපතක්. මෙහි ධීවර පවුල් ප්‍රමාණය 1700ක් විතර ඉන්නවා.

මේ අයට බොන්නවත් වතුර නෑ. මේ දවස්වල වෙරළේ වළවල් හාරා බොන්න වතුර හොයනවා. වෙරළේ වළවල් සාදා ජලය ගන්නා ස්ථාන ඌත්තු ලෙස හදුන්වන මොවුන් කළ ගෙඩියකට ජලය පුරවා ගන්න පැය භාගයක් වෙහෙසනවා.

ඒ වතුරත් බොර පාටයි. වෙරළේ තියෙන කුණු රොඩු , වැලි එකතුවෙලා.

මේ අය පුරවගන්න වතුර ලොකු බැරල් වලට දානවා. ටික වේලාවක දී එම ජලයේ ඇති අපිරිසිදු දෑ බැරල්වල පහළ කොටසේ තැන්පත් වෙනවා. ඒ නිසා බත්තලංගුණ්ඩුව ජනතාව කියන්නේ මේ වතුර බීමට ඉතාමත් සුදුසුයි කියලා.

සටහන සහ සේයාරූ
ප්‍රියංකර කළුපහන - පුත්තලම වාර්තාකරු

baththalangunduwa00001

baththalangunduwa00005

baththalangunduwa00006

baththalangunduwa00009

baththalangunduwa00010

baththalangunduwa00011

baththalangunduwa00012

baththalangunduwa00013

baththalangunduwa00015

baththalangunduwa00016

baththalangunduwa00018

baththalangunduwa00002

baththalangunduwa00003

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top