නො. 156, ගාලු පාර, ගල්කිස්ස යන ස්ථානයේ විවෘත වූ මෙම දෙමහල් ප්‍රදර්ශනගාරය විවෘත කරනු ලැබුවේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂක - අශෝක් පතිරගේ මහතා විසිනි.
මෙම අවස්ථාවට සොෆ්ට්ලොජික් සමාගමේ ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වයේ සමාජිකයින්, කාර්ය මණ්ඩලය හා ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්විය.
ගෘහභාණ්ඩ, නිවසේ භාවිතා කරන සියළු විදුලි භාණ්ඩ, ලැප්ටොප් පරිඝණක හා ජංගම දුරකතන වැනි තාක්ෂණික භාණ්ඩ හා කායවර්ධන උපකරණ ඇතුළු විවිධ මාදිලියේ භාණ්ඩ රැසක් මෙම ස්ථානයෙන් ලබාගත හැකිය.
මෙම ප්‍රදර්ශනාගාරයත් සමග සොෆ්ට්ලොජික් සමාගමට අයත් මුළු අලෙවිසැල් ප්‍රමාණය 220ක් දක්වාද සොෆ්ට්ලොජික් මැක්ස් ප්රදර්ශනාගාර ප්‍රමාණය විස්සක් දක්වාද ඉහළ යයි.
මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.
(ඡායා : ශානිකා ජයසේකර)