Sathosa

Jun 27, 2018

ස්පයිඩර් මෑන් වගේ ඇවිදින්න යකඩ සපත්තුවක් (ඡායා)

කොන්ක්‍රිට් කණුමත සහ ලි කණුවල  ආරක්ෂිතව ඉක්මනින් ගමන් කලහැකි යකඩ වලින් තැනු පාවහන් යුගලයක් විදුලි අධිකාරිවරයෙකු විසින් නිර්මාණය කර තිබේ.
කොන්ක්‍රිට් කණු මත සහ ලි කණුමත  ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩවලින්  නිර්මාණය කරන ලද පාවහන් යුගලක් නිර්මාණය කිරිමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා සමත් වී ඇත.
 
විදුලි බල මණ්ඩලය මගින් විදුලි රැහන් ඇදිමට සහ එහි නඩත්තු කටයුතු සදහා කොන්ක්‍රිට් කණු මත නැගිමට මෙතෙක් අනුගමනය කරනු ලැබුවේ ඉනිමගකි.
 
ඉනිමගක් රැගෙන යාමට තිබෙන අපහසුතාවයක් ඉනිගමක නැගීමේදි තිබෙන අනාරක්ෂිත භාවයත් ගැන අධ්‍යනයක නිරත වු විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා මෙම නව  නිර්මාණය පිලිබදව අවධානය යොමු කර ඇත.
 
යම්කෙනෙකු පයින් ගමන් කරන වේගයටම මෙම පාවහන් යුගලය කොන්ක්‍රිට් කණු මත නැගිය හැකි බවත්, එම කොන්ක්‍රිට් කණු මත නගින සේවකයාට මේ තුලින් දැඩි ආරක්ෂාවක් ලැබෙන බවත් නිහාල් සමරකොන් මහතා කියා සිටියි.
 
කිලෝවක් පමණ බරකින් යුක්ත මෙම නව නිර්මාණ පාවහන් යුගල විදුලි බල මණ්ඩලයට හදුන්වා දිමට දැනට කටයුතු කර ඇති බවත් මේ සදහා පේටන් බලපත්‍රයක් ලබා ගැනිමටද අවශ්‍ය කටයුතු කර ඇති බ නිහාල් සමරකොන් මහතා පැවසීය.
 
විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා ලංකා විදුලි බල මණ්ඩලයට 5 S සංකල්පය හදුන්වාදිමට කටයුතු කල නිලධාරියෙකි.
 
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයද 5S සංකල්පය යටතේ කටයුතු කරන මධ්‍යස්ථානයකි.
 
රංජිත් රාජපක්ෂ ( හැටන්  වාර්තාකරු)
shoes1
 
shoes3
 
shoes4
 
shoes7
 
shoes8
shoes10
 
shoes12
 
shoes13
 
shoes15
 
shoes17
 
shoes18

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top