Jul 19, 2018

රෝහිනග්‍යා කතුන්ගේ ස්වභාවික මේකප් (ඡායා)

ක්ලොව්ඩා කිල්කොයින් යනු රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පිණියෙකි. ඇය විසින් පසුගියදා අපූරු ඡායාරූප එකතුවක් එළිදක්වා තිබුණි.

ඒ, දකුණු බංගලාදේශයේ පිහිටි සරණාගත කඳවුරු වල සිටින රෝහිනග්‍යා කතුන් හා දැරියන් ගේ අපූරු පුරුද්දක් පිළිබඳවයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට දකුණු බංගලාදේශයට පලාගිය රෝහිනග්‍යා මුස්ලිම් සරණාගතයින් සංඛ්‍යාව 700,000 ඉක්මවයි.

ගිණිකොණ දිග බංගලාදේශයේ නගරයක් වන Cox's Bazar හි සරණාගත කඳවුරු වල සිටින රෝහිනග්‍යා කතුන් හා දැරියන් ඡායාරූපගත කළ කිල්කොයින්, ඔවුන් ගේ අපූරු මුහුණු ආලේපනයක් පිළිබඳව හෙළි කරයි.

මොවුන් ගේ මුහුණු වල ඇති කහපැහැති ආලේපනය thanaka ලෙස හැඳින්වේ. කාෂ්ඨක කාලගුණක් සහිත මධ්‍යම මියන්මාරයේ වැවෙන ගස් වර්ගයක පොතු ඇඹරීමෙන් තනාගන්නා මෙය, සරණාගත කඳවුරු තුළ මුදල් වලට ලබාගත හැක.

පරම්පරා ගණනාවක් පුරාවට රෝහිනග්‍යා කතුන් විසින් භාවිතා කරන මෙම ආලේපනය, දැඩි හිරුරැස් වලින් මෙන්ම කෘමි සතුන්ගෙන් ද සම ආරක්ෂා කර සිසිල් කර තබයි. ඊට අමතරව, එය කුරුළෑ ආසාදන වලින් සම සුරකියි.

මෙම අපූරු රූපලාවන්‍ය ආලේපනය සිය මුහුණු වල විවිධ අයුරින් ගල්වාගෙන සිටින රෝහිනග්‍යා කතුන් හා දැරියන් ක්ලොව්ඩා ගේ කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙසේය.

(ඡායා : ක්ලොව්ඩා කිල්කොයින් - රොයිටර් පුවත් සේවය)

po1

po2

po3

po5

po6

po7

po8

po9

po10

po12po11

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top