Sathosa

Jul 25, 2018

වාසනාවට අතවනන පූසො (ඡායා)

මනෙකි - නෙකො හෙවත් අතවනන බළලා යනු අග්නිදිග ආසියානුවන් හට සුවිශේෂී සංකේතයකි.

ඉදිරි පාදයක් ඔසවාගෙන තිබෙන සුදු හා රතු පැහැ මිශ්‍ර වූ බළල් රුව චීන ව්‍යාපාරික ස්ථාන වල දැකිය හැකි වුවත් මෙම කතාව ආරම්භ වන්නේ චීනයෙන් නොව ජපානයේ තෝක්යෝ අගනුවර සෙතගායා දිස්ත්‍රික්කයේ පන්සලකිනි.

සෙතගායා දිස්ත්‍රික්කයේ ගොතොකුජි නගරයේ පිහිටි මෙම පන්සල තුළ පිඟන් මැටි වලින් සැදුම්ලත් මෙවැනි බළල් අනුරූ දහස් ගණනක් දැකිය හැකි වේ.

සාමාන්‍යයෙන් දකුණු පාදය ඔසවා සිටීම නිවසකට ආරක්ෂාවක් ද, වම් පාදය ඔසවා සිටීම ව්‍යාපාරික කටයුතු වලට අතවැනීමක් බවද විශ්වාස කෙරේ.

අතීත ජනකතා වලට අනුව 14 වැනි ශතවර්ෂයේදී මෙම පන්සල පැවතියේ කුඩා පැලක් ලෙසිනි. ලද ඉතා සුළු මුදලින් මෙම පන්සල පවත්වාගෙන යාමට එහි වැඩසිටි හිමිනම මහත් පරිශ්‍රමයක් දරා තිබේ. කෙසේවෙතත්, එම හිමි නමට සුරතල් බළලෙකු සිටි ඇති අතර, ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් ඔහු එම බළලාව ඉතා ආදරෙන් රැකබලාගෙන ඇත.

එක්දිනක හමාගිය කුණාටුවක් අතරතුරදී මෙම පන්සලට සමුරායිවරුන් කිහිපදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ තමාට පැමිණෙන මෙන් මෙම සුරතල් බළලා ඇතවැනූ බවයි. සිය අමුත්තන්ව සතුටින් පිළිගත් හිමිනම විසින් ඔවුන් හට තේ පිළිගන්වා ධර්මය දේශනා කර තිබේ. මෙම හිමිනම දෙසූ ධර්මයෙන් සිත පහන් වූ සමුරායිවරුන් ගෙන් එක් අයෙකු තමා කොෂු ප්‍රදේශයේ හිකොන් නගරයේ ප්‍රධානියා බව තමාව හඳුන්වාදී තිබේ. ධර්මයෙන් සිය දෑස් පෑදුනු බව පැවසූ මෙම සමුරායිවරයා, කුඹූරු හා වෙනත් වගාබිම් රැසක් මෙම පන්සලට පූජා කිරීමට කටයුතු කර ඇත. එතැන් පටන් මෙම පන්සල ඉතා සශ්‍රීක පන්සලක් ලෙස එම ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධියට පත්විය.

මෙම පන්සලට සෞභාග්‍යය ළඟා කරදුන් බළලා මියයාමෙන් පසුව, දයාවේ දෙවඟන වන ෂොබ්යෝ කන්නොන් නමින් භූමිදානය කර පලකයක් ගොඩනගා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 සිය සිතුම්පැතුම් ඉටුවීම සම්බන්ධයෙන් කෘතඥතාවය පළකිරීමට අදටත් මෙම පන්සලට පැමිණෙන සංචාරකයන් මෙම බළල් අනුරූ පූජා කරයි. මෙම අනුරූ පන්සල් භූමියේදී මිලදී ගතහැකි අතර, එම අනුරූ සෙ.මී. 03ක සිට අඩියක් දක්වා විවිධ උස ප්‍රමාණ වලට සෑදුනු ඒවා වේ. ඇතැමුන් මෙම අනුරූ පන්සලට පූජා කරන අතර, ඇතැමුන් එය වාසනාවේ සංකේතයක් ලෙස සිය නිවෙස් වලට ගෙන යනු ලබයි.

මෙම අපූරු පන්සලේ හා බළල් අනුරූ වල ඡායාරූප කිහිපයකි මේ.

(මූලාශ්‍රය හා ඡායා : CNN පුවත් සේවය)

pu1

pu2

pu3

pu4

pu5

pu6

pu7

http 2F2Fcdn.cnn.com2Fcnnnext2Fdam2Fassets2F180718161635 gotokuji temple tokyo japan cats by joshua mellin joshuamellin jdmellingmail com

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top