Sathosa

Aug 01, 2018

කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් අවන්හල සමුදෙයි! (ඡායා)

පරම්පරා කිහිපයක් පුරාවට ශ්‍රී ලංකිකයන් ගේ විශ්වාසනීයත්වය දිනාගත් ග්‍රීන් කැබින් ආයතනයේ කොල්ලුපිටියේ පිහිටි සිය ප්‍රධාන අලෙවිසැල ඊයේ (31) දිනයේදී අවසන් වරට විවෘත විය.

මෙම ආයතනයේ ව්‍යාපාරික කටයුතු, එය අයත් රොඩ්රිගෝ පවුලේ පස්වැනි පරම්පරාව විසින් භාරගැනීමත් සමග, මෙම අවන්හල වසා දමා එහි ඉඩම විකිණීමට එහි නව කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සවස අවසන් වරට එහි තේපැන් සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, නව කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු විසින් පවසා සිටියේ තවත් මාස 3-4ක් ඇතුළත සිය නව අවන්හල කොල්ලුපිටිය නගරයේ ආරම්භ කිරීමට කටුයුතු කරන බවයි.

සුවහසක් කොළඹ ජනතාව ගේ සිත් වල රසබර මතකයන් රැසක් ඉතිරි කරමින් කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් අවන්හල සමුගත් අයුරුයි මේ.

Greencabin1Greencabin2Greencabin3Greencabin4Greencabin5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top