Pasidol

Sathosa

Aug 07, 2018

මිත්‍යාවෘත දේශයේ අපූරු අසුන් (ඡායා)

හිම, අයිස් යනු සුරංගනා කතා වල අපූරු දසුන් සිත්තම් කරන ප්‍රබල ස්වාභාවික සංසිද්ධියන් ය. අයිස්ලන්තය අපූර්වත්වය වන්නේ ද මෙයයි.

නිව් යෝක් නගරයේ ඡායාරූප ශිල්පියෙකු වන ඩෲ ඩොගට් ගේ (Drew Doggett) ‘In the Realm of Legends’(මිත්‍යාවෘත දේශයේ) ඡායාරූප එකතුවේ දැක්වෙන්නේ ද හිමෙන් හා අයිස්වලින් වැසුනු මෙම අපූරු ශීත දේශයේ වෙසෙන අශ්වයන් පිළිබඳවයි.

මෙම ඡායාරූප එකතුව පිළිබඳව අදහස් දක්වමින් ඩෲ පවසා ඇත්තේ අසාමාන්‍ය ස්වභාවික සෞන්දර්යයක් සහිත ලොව විවිධ ස්ථාන වල ඡායාරූප ගන්නා තමා අයිස්ලන්තයට ගිය පළමු වතාව මෙය බවයි. හිම හා අයිස් සහිත අයිස්ලන්තයේ ස්වභාවික දසුන් වලින් අසාමාන්‍ය ලස්සනක් දිස්වන බවත්, එය සමග එහි වෙසෙන අලංකාර අශ්වයන් මුසු වූ විට එම අත්දැකීම කිසිදා අමතක නොවන බවත් ඔහු කියා සිටියි.

අයිස්ලන්තයේ සති දෙකක ඡායාරූප සැසිය සඳහා ඔහු මාස කිහිපයක් පුරාවට සූදානම් වූ බවත්, එහිදී ඔහුට මුහුණදීමට සිදුවූ අසීරුම අභියෝගය අයිස්ලන්තයේ ඉතා ඉක්මනින් වෙනස් වන කටුක කාලගුණය බවත් ඩොගට් සඳහන් කරයි.

ශීත දේශයේ අසුන් ඩොගට් ගේ කැමරා කාචයේ ඉතා අපූරුවට සටහන් වී තිබුණේ මෙලෙසයි.

(ඡායා : Drew Doggett - බෝර්ඩ්පැන්ඩා)

h1

h2

h3

h4

h5

h6

h7

h8

h9

h10

h11

h12

h15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top