Sathosa

Aug 22, 2018

කජු කනවා වගේ කිව්වට වගාව දුකක් (ඡායා)

සෑම වසරක් පාසාම එක් කන්නයක් පමණක් වැඩි පලදාවක් ඇති, වෙළඳ‍ෙපොලේ තරගකාරි ඉල්ලුමක් සහිත වූ මිළක් පවතින, කජු කනවා වගේ යැයි කව්රුත් කියන කජු පුත්තලම පුරවරයේ රත්තරං නාමය දිනා ගෙන ඇති දේශීය නිෂ්පාදනයක් කිවහොත් නිවැරදිය.

ශ්‍රී ලංකාවේ කජු අතරින් කොයි කාගෙත් ජනාදරයට පත් විදේශ විනිමය මෙරට ගෙන්වන වනාතවිල්ලුවේ කජු පිළිබදව තබන කෙටි සටහනයි මේ.

වර්ග කිලෝ මීටර් 710ක වපසරියකින් යුත්ත වූ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය පුරා විසිරි ඇති සමස්ත භූමියේ කජු අක්කර තිස්පන්දාහකට ආසන්න ප්‍රමාණයක කජු වගා කර ඒවා කජු ඉඩම් බවට පත්වී තිබෙන බව කියයි.

නමුත් පසුගිය වර්ෂවලදී කජු පලදාව සඳහා ඉහළ ඉල්ලුමක් පැවතුණි. මන්ද කුඩා ඉඩ ප්‍රමාණයක වුවද විශාල කජු පලදාවක් තමන් ලබාගත් බව ගොවියෝ පවසති.

නමුත් පසුගිය කාලයේ පුත්තලම ඇතුළු ප්‍රදේශයවලට බලපා තිබූ අධික නියගය හේතුවෙන් කජු කර්මාන්තයට බලපෑම් ඇතිවිය.

අධික නියගයට හසුවී ලක්ෂ සංඛාවක් කජු ගස් අකාලයේ මියැදෙනවාත් සමග කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා ඉවත් කරන ලද කජු දර ගඩොල් සහ උළු පෝරනු සදහා ඉතා සොච්චම් මුදලකට අලෙවි කිරීම නිරන්තරයෙන් දක්නට ලැබේ. සමහර ගොවියන්ගේ අක්කර ගණනාවක් මෙලෙස නියගය නිසාවෙන් පරිහානියට ලක්වෙමින් අවසානයේ දර බවට පත්විය.

නියගයෙන් පසුව පැමිණි වර්ෂාවත් සමඟ කජු ශාකයේ විවිධ අසාත්මිකතා සහ බැක්ටීරියා හටගැනීම නිසාවෙන් යළි ගොවියා අපහසුතාවයට පත්විය.

ඉකුත් වර්ෂවලදී රුපියල් තුන් දහසක් වැනි අධික මිලක් යටතේ පැවති කජු කිලෝ එකක් මේ වන විට රුපියල් දෙදහසකට පමණ පහත වැටී ඇති බවත් පාරම්පරික කජු කර්මාන්තයේ නියැලෙන්නන් පෙන්වාදෙති.

ඒ හේතුව නිසාවෙන් මේ වන විට ඉතා සීඝ්‍රයෙන් කජු කර්මාන්තය පහත වැටීමත් සමඟ අධික ලෙස පාඩු ලබමින් සිදුකර ගෙන යයි.

2016 සහ 2017 වසරවලට සමගාමීව වර්තමානයේ කජු මද මිළ විශාල වශයෙන් පහත වැටීම නිසාවෙන් පසුගිය වර්ෂයේ වැඩි මිලට ලබා ගත් ලෙලි සහිත කජු කපා මද බවට පත්කිරීමේදී පවතින අඩු මිල තුළ ව්‍යාපාරිකයින්ද පාඩු ලබයි.

පුරා වසර දෙකක් පැවති නියඟය සමඟ කජු අස්වැන්න අඩුවීමෙන් කජු මිළ ඉහල යාමත් විදේශීය රටවල කජු මෙරටට අපනයනය කිරීමත් හේතුවෙන් කජු ව්‍යාපාරිකයින්ට කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමේදී පාඩු ලැබීමට සිදුවී ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

2017 වසරේදී කජු මද මිල කිලෝ එකක් රුපියල් තුන් දහසකට වැඩි මිලකට අලෙවි කළද, මේ වන විට කජු මද කිලෝ එකක් තොග මිළ රුපියල් දෙදහසක් දක්වා පහත වැටී ඇති බව කජු කර්මාන්තකරුවෝ පවසති.

එක් කජු මද කිලෝ එකක් ලබා ගැනීමට ලෙලි කජු කිලෝ පහක් පමණ අවශ්‍ය වන අතර කජු මද කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් දෙදහසකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මෙලෙස අධික ලාභ ලබන කෘෂි භෝගයක් වන කජු නුදුරේදී වනාතවිල්ලුවෙන් සදහටම නැතිවී යාමේ මං සළකුණු පහල වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙති. විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මේ පිළිබඳව පරික්ෂණ පවත්වති. නමුත් රටේ උරුමය නුදුරේදී වැලලී යන තුරු මුණිවත රකීද යන්න විමතියට කරුණක්ව තිබේ. මන්ද කිසිදු අවසරයකින් තොරව කජු ශාකය වතු හිමියන් ඔවුන්ට රිසි සේ කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා දර සඳහා අලෙවි කිරීම නිසාවෙන් කජු ශාකය සීඝ්‍ර ලෙස මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව කියයි.

එක් පසෙකින් සොබාදහම කජු වගාවට එසේ විනකටිද්දි තවත් පසෙකින් රිළවුන්, වඳුරන්, මොණරුන් වක්‍රව දැඩි හානි පමුණවයි. තවද සමස්ත කජු ශාකය සතියක් වැනි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම මරා දමන ක්‍රියාන්විතයක යෙදෙන කෘමියන් විවිධ වර්ගද ඇත. මොවුන් මැඩ පැවැත්වීම සඳහා විවිධ කෘමිනාශක භාවිතා කිරීමට ගොවියන්ට සිදුවන බව හෙතෙම ගොවියන් පෙන්වා දෙති.

දිගු ඉතිහාසයක් ඇති , එමෙන්ම විශාල මුදලක් ඉපැයිය හැකි මේ වටිනා වගාව ආරක්ෂාකර දෙන මෙන් වනාතවිල්ලුවේ කජු ගොවීන් වගකිව යුතු පිරිසගෙන් එල්ලා සිටී.

සටහන සහ සේයාරූ
ප්‍රියංකර කළුපහන - පුත්තලම

Kaju1

Kaju3

Kaju4

Kaju5

Kaju6

Kaju8

Kaju10

Kaju12

Kaju14

Kaju15

Kaju18

Kaju19

Kaju20

Kaju21

Kaju23

Kaju24

Kaju25

Kaju26

Kaju27

Kaju28

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top