Sathosa

Sep 05, 2018

‘ජෙබි’ සුළි කුණාටුවෙන් ජපානය බැටකයි! (ඡායා)

විසිපස් වසරක කාලයක් තුළ ජපානයට හමා ආ ප්‍රබලම චණ්ඩමාරුතය වන ‘ජෙබි’ හේතුවෙන් බටහිර ජපානයට දැඩි හානි සිදුවී තිබේ.

මේ වන විට මරණ 7ක් හා තුවාලකරුවන් 200ක් පමණ එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඕසකා බොක්කේ තිබුණු දැවැන්ත නැවක් එහි පාලමක හැපී ඇති අතර, ක්යෝතෝ නගරයේ දුම්රිය ස්ථානයක වහල කඩාවැටී තිබේ.

දරුණු මුහුදු රළ, දැඩි සුළං, වර්ෂාව, ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.

බටහිර ජපානයේ විදුලිය හා ප්‍රවාහන සේවා අඩාල වී ඇති අතර, ගුවන්ගමන්, දුම්රියගමන් හා ෆෙරී ගමන් සියගණනක් අත්හිටුවා තිබේ.

ජෙබී හේතුවෙන් බටහිර ජපානයට සිදුවූ හානිය විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා කාචවල සටහන් වී තිබුණේ මෙසේය.

(ඡායා : qz.com)

j1

j2

j3

j4

j5

j6

j7

j9

j10

j11

j12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top