Sathosa

Sep 06, 2018

නිලට හැලෙන නීල බැම්ම (ඡායා)

පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක යා කෙරෙමින් කලාඔය හරස්කර ඉදිකර ඇති නීලබැම්ම අමුණ ඉතා රමණීය දසුනකි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කිසි දිනක දිය නොසිඳෙන එකම ස්ථානය බවට පත්ව ඇත්තේ ඒ මනරම් වූ රමණිය නීලබැම්ම ජලාශයයි.

යුරෝපා ආර්ථික හවුලේ ආධාර මත වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් 1998 වර්ෂයේදී නීල බැම්ම ජලාශයේ වැඩ අවසන් කර මහජන අයිතියට පත් කෙරුණකි. එහි ප්‍රධාන අමුණේ දිග අඩි 485ක් වන අතර උස මුහුදු මට්ටමේ සිට 85කි. සාමාන්‍ය උස අඩි 20කි.

මෙමගින් සෙත සැලසෙන ගොවි පවුල් ප්‍රමාණය 510ක් බව පැවසේ.

නීලබැම්මේ ආරම්භය පිළිබදව එම ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදය අපූරු කතාන්දරයකි.

ඔවුන් පවසන පරිදි නීල යෝධයා සිය මවට රෙදි සේදීම සදහා මෙම නීල බැම්ම ඉදිකර තිබේ. දිය නෑමට යන කල ගලින් ගල ගෙනැවිත් තබා නීල යෝධයා විසින් ඉතා ශක්තිමත් ලෙස මෙම බැම්ම නිර්මාණය කරන ලද බව කියැවේ.

ඡායා- ලක්මාලි පන්නල

Nilbemma2

Nilbemma3

Nilbemma4

Nilbemma5

Nilbemma6

Nilbemma7

Nilbemma8

Nilbemma9

Nilbemma10

Nilbemma12

Nilbemma13

Nilbemma15

Nilbemma16

Nilbemma17

Nilbemma18

Nilbemma19

Nilbemma20

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top