Sep 27, 2018

සැමදා නියං එකදා වැහි වළාවේ (ඡායා)

වවුනියාව දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් ඊයේ (26) සවස දැඩි වර්ෂාපතනයක් ඇද වැටිණි.

වවුනියාව නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වෙත ඊයේ(26) සවස පැය දෙකක පමණ කාලයක් දැඩි වර්ෂාවක් ඇද වැටුණ බව ප්‍රදේශවාසීන් පැවසූහ.

පසුගිය මාස ගණනාවකින් වවුනියාව දිස්ත්‍රික්කයට වැසි නොවැටුණ බැවින් ප්‍රදේශයේ විශාල පිරිසකට පානීය ජලය සපයා ගැනීමට පවා නොහැකි තත්ත්වයට පත්ව සිටියහ.

නියඟය හමාර කරමින් ඇද වැටුණ වර්ෂාව ගොවි ජනතාවට මහත් අස්වැසිල්ලක් වු බවද ප්‍රදේශයේ ජනතාව පැවසීය.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය- වවුනියාව 

Rain1

Rain2

Rain4

Rain6

Rain7

Rain10

Rain12

Rain13

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top